• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ වරාය නගරය සිය අභිලාෂකාමී තේමාව එළිදක්වයි

22 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණින් කොළඹ වරාය නගරය (PCC) එහි යටිතල පහසුකම් සංවර්ධන අදියර අවසන්වීමට ආසන්නවීමත් සමග එහි වාණිජකරණය ඇරඹීමේ සන්ධිස්ථානය පසුගියදා අති උත්කර්ශවතව සමරනු ලැබීය.

සමස්ත ජාතියට මෙන්ම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ආශිර්වාද පතමින් සර්ව ආගමික නායකයන් රැසකගේ සහභාගිත්වය මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙන්නට විය. “සීමා බිඳලන අසීමිත හැකියාවන් උදෙසා” යන තේමාව යටතේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ පරිවර්තනීය බලපෑම සංකේතවත් කරමින් වරාය නගර අලෙවි මධ්‍යස්ථානයේ සමරු ඵලකයකයක් විවෘත කිරීමද මෙහිදී සිදුවිය.

පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, මැති ඇමතිවරුන්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති, මුදල් මණ්ඩලයේ සාමාජිකයන්, තානාපතිවරුන් සහ ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල නියෝජිතයන් ඇතුළු ගෞරවනීය සම්භාවනීය අමුත්තන් රැසක් කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ ආරාධනයෙන්, මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන්ගේ කැපී පෙනෙන සහයෝගීතාව සහ නොසැලෙන කැපවීම පිළිබඳවද පැමිණ සිටි කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සාමාජිකයින් අවධාරණය කළහ.

“ආරම්භයේ සිටම, කොළඹ වරාය නගර විශේෂිත ආර්ථික කලාපය (SEZ) ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයට කිසිදු මූල්‍යමය වගකීමක් හෝ පිරිවැයක් නැතිව දළ වශයෙන් ඩොලර් බිලියන 1.3 ක විදේශ සෘජු ආයෝජනයක් ආකර්ෂණයකර ගැනීමට සමත්ව තිබෙනවා. ගොඩකරන ලද හෙක්ටයාර් 269ක භූමි ප්‍රමාණය 100% ශ්‍රී ලංකා රජය සතු වන අතර දැනටමත් දළ දේශීය නිෂ්පාදිතයට ඩොලර් බිලියන 3 සිට 4 දක්වා දායක වී තිබෙනවා. සෘජු රැකියා 12,000කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ඇති අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 4,000කට වැඩි පිරිසකට පුහුණුව ලබාදී තිබෙනවා. ” යනුවෙන් කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙවාන් වික්‍රමසූරිය මහතා රැස්ව සිටි පිරිස අමතමින් අවධාරණය කළේය.

කොළඹ වරාය නගරයේ මීළඟ අදියර වන ඉදිකිරීම් අදියර ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා ඩොලර් බිලියන 14කට අධික ආයෝජනයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම අදියරේ ප්‍රතිඵලයක් ලෙස දේශීය වශයෙන් ලබා ගන්නා ශ්‍රමය සහ අමුද්‍රව්‍ය වලින් දළ වශයෙන් ඩොලර් බිලියන 4.1ක පමණ ලැබෙනු ඇතිබව විශ්වාස කෙරේ. එලෙසම රැකියා අවස්ථා 450,000කට අධික ප්‍රමාණයක් උත්පාදනය කරනු ඇති අතර ඉන් 400,000කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයන් සඳහා වනු ඇත. ඉදිකිරීම් අදියරෙන් පමණක් දළ දේශීය නිෂ්පාදිතයට ඇස්තමේන්තුගත දායකත්වය ඇමරිකානු ඩොලර් බිලියන 24 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වූ පසු, මේ දක්වා රටේ විශාලතම සංවර්ධනය සහ සෘජු විදේශ ආයෝජනය ලෙස කොළඹ වරාය නගරය, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට වාර්ෂිකව ඩොලර් බිලියන 13.8 ක දායකත්වයක් ලබා දීමට හැකි වන අතර එමඟින් සෘජු රැකියා අවස්ථා 140,000 කට වැඩි ප්‍රමාණයක් අපේක්ෂා කෙරේ.

අවසන් වශයෙන් අදහස් දක්වමින් වික්‍රමසූරිය මහතා පවසා සිටියේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව එහි මූලික ආයෝජන පහසුකම් සපයන්නා ලෙස ක්‍රියා කරමින්, කලාපයේ පළමු බහුවිධ මුදල් හා සේවා අපනයන විශේෂ ආර්ථික කලාපය ලෙස කොළඹ වරාය නගරය ව්‍යාපාර සඳහා සූදානම් බවයි. එලෙසම මෙම ක්‍රියාවලිය මගින් දේශීය හා විදේශීය ආයෝජකයින් සඳහා හිතකර මෙහෙයුම් පරිසරයක් සහ විධිමත් ව්‍යාපාරික ක්‍රියා පටිපාටි සහතික කරනු ලබයි.
කොළඹ වරාය නගරය ගෝලීය ආයෝජන ප්‍රවර්ධනය කිරීම, නවෝත්පාදනයන් දිරිගැන්වීම, නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ අවසානයේදී ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවේ තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා වූ අභිලාෂකාමී අරමුණු සහිත දූරදර්ශී උත්සාහයකි. ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරය සහ කොළඹ නගර මධ්‍යය මූලිකකර ගනිමින් පිහිටා ඇති මෙම වරාය නගරය හෙක්ටයාර් 269 ක විශාල භූමි ප්‍රදේශයක් ආවරණය කරන අතර, කෘතිම වෙරළ තීරයක් සහ ඉතා සූක්ෂම ලෙස සැලසුම් කළ නාගරික අවකාශයන්ගෙන් සමන්විත වේ.

දැනට පවතින ඉදිකිරීම් ප්‍රගතිය සම්පූර්ණ ව්‍යාපෘතියේ ස්ථාවරත්වය තවදුරටත් විදහා දක්වන අතර, සියල්ල අවසන් වූ පසු, මෙය නේවාසික, වාණිජ සහ විනෝදාත්මක කලාපව ඇතුළත් විචිත්‍රවත් සංකලනයක් වනු ඇති අතර පදිංචිකරුවන්ගේ සහ දේශීය විදේශීය සංචාරකයන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමේ පහසුකම් සහිතය.

පසුගිය දිනක සිදුකෙරුණු මෙම සමරු ඵලකය නිරාවරණය කිරීමේ උත්සවය කොළඹ වරාය නගර පරිණාමයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර එය ශ්‍රී ලංකාවේ පරිවර්තනීය වෙනසක කේන්ද්‍රස්ථානයක් ලෙස සඳහන් කල හැක. ලෝක මට්ටමේ ව්‍යාපාරික සහ ජීවන රටා ගමනාන්තයක් ඇතිකිරීම උදෙසා එහි උපායමාර්ගික පිහිටීම, පුළුල් භූමි ප්‍රදේශය සහ අති නවීන යටිතල පහසුකම් භාවිතයෙන් ගෝලීය ආයෝජන ආකර්ශනය කර ගැනීම කොළඹ වරාය නගරයේ මූලික අපේක්ෂාව වන අතර ආර්ථික විවිධාංගීකරණය ප්‍රවර්ධනය කරමින්, ශ්‍රී ලංකාව සඳහා පරිවර්තනීය බලපෑමක් පොරොන්දු වන කේන්ද්‍රස්ථානයක් ලෙස එහි මතුවීම සනිටුහන් කරයි.

 

පිටපත – PR

Post Views: 7
Previous Post

තර්ජන තිබුණා කියලා මං පස්සට යන්නේ නෑ – මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්

Next Post

ජනපති සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක

editor

editor

Next Post

ජනපති සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved