රාජකාරී සඳහා පැමිණෙන සහ රාජකාරි අවසන් කර නැවත පිටත්ව යන ත්‍රිවිධ හමුදා සෙබළුන්ගේ නිරෝධායන කටයුතු සඳහා කොළඹ පාසල් කිහිපයක් යොදා ගැනීමට බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඊට අනුව හමුදා සාමාජිකයන් දින 14 ක නිරෝධායන කාලය මෙහි ගත කර යනු ඇත.
ඒ අනුව මේ වන විට කොටහේන මධ්‍ය විද්‍යාලය , බත්තරමුල්ල සුභූති විද්‍යාලය , අදාළ කටයුතු සඳහා යොදා ගෙන ඇති බවත් ඉදිරියේ දී කොළඹ රාජකීය විද්‍යාලය , තර්ස්ටන් විද්‍යාලය , හින්දු විද්‍යාලය , මහානාම විද්‍යාලය ,ඩී එස් සේනානායක විද්‍යාලය කටයුතු යොදා ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.
ඒ සම්බන්ධව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සඳහන් කර ඇත්තේ රජයෙන් කරන ලද ඉල්ලීම් අනුව වසංගත තත්ත්වය පාලනය කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන පාසල් ලබා දෙන ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇති බව ය.