අද (03) පෙරවරුවේ ගනුදෙනු ආරම්භ වීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) සහ S&P SL20 දර්ශකය සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ගනුදෙනු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම හමුවේ ඇති වූ ආර්ථික අවිශ්වාසය මෙම කඩාවැටීමට ප්‍රධානතම හේතුව ලෙසයි සැලකෙන්නේ. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා හතරක් විනාශ වීම සහ රක්ෂණ පිරිවැය ඉහළ යාම වැනි කරුණු ගෝලීය කොටස් වෙළෙඳපොළවල් කෙරෙහි මෙන්ම දේශීය ආයෝජකයින් කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. පවතින තත්ත්වය මත කොටස් වෙළෙඳපොළ නීතිරීතිවලට අනුව ගනුදෙනු පාලනය කිරීම සඳහා මෙම ‘Circuit Breaker’ පද්ධතිය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.














