නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පසුගිය 08 සහ 09 දෙදින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම විධානයේ මෙහෙයුම් හා පරිපාලන කටයුතු අධීක්ෂණය කරන ලදි.
ඒ අනුව, 08 වන දින උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීම වෙත පිවිසි නාවික හමුදාධිපති, එහි මෙහෙයුම් සූදානම, පරිපාලන කටයුතු සහ නාවිකයන්ගේ සුභසාධන පහසුකම් අධීක්ෂණය කරන ලදී.
තවද, වෙත්තලකේනි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කල නාවික හමුදාධිපති, මෙම සංචාරය සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ පැල රෝපණ කිරීමකටද සහභාගී විය.
මෙම නිල සංචාරයේදී, 09 වන දින ඓතිහාසික නාගදීප රජ මහාවිහාරය වැඳ පුදාගත් නාවික හමුදාධිපති, නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවඳගල පදුමකිත්ති තිස්ස නාහිමි බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, උතුරු නාවික විධානයේ මෙහෙයුම් කටයුතු පුලුල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතන පරිශ්‍රයේ නවීණ පහසුකම් සහිත බහුකාර්යය මෙහෙයුම් මැදිරියක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සිදු කෙරිණි.
තවද, උතුරු නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයන් ඇමතූ නාවික හමුදාධිපති, විවිධ අභියෝග හමුවේ වුවද විධානයේ මෙහෙයුම් කටයුතු කාර්යක්ෂමව හා ඵලදායි ලෙස සිදුකිරීම සඳහා දායක වූ නිලධාරීන් සහ නාවිකයන් වෙත සිය ප්‍රසාදය පලකරන ලදී.
කුමන අභියෝගයක් හමුවේ වුවද නාවික බලඇණිය උපරිම මෙහෙයුම් කාර්යක්ෂමතාවයෙන් යුතුව පවත්වාගැනීම නාවික හමුදාවේ අපේක්ෂාව බව පැවසූ නාවික හමුදාධිපති, ඒ සඳහා සියලුම නාවික පුද්ගලයන් උපරිම විනය හා මනා පැවැත්මෙන් යුතුව රාජකාරී ජීවිතය හා පෞද්ගලික ජීවිතය සමබරව පවත්වාගනිමින් නිරවුල් මනසකින් යුතුව තම රාජකාරිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් සිදුකිරීමට කැපවිය යුතු බවත් පවසන ලදී.
තවද, නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ නාවිකයන් අංශ ක්‍රමය නිසිලෙස පවත්වාගනිමින් කණිෂ්ඨ නාවිකයන්ගේ ගැටළු පිලිබඳ නිරන්තර අවධානය යොමු කළ යුතු බව පැවසූ නාවික හමුදාධිපති, ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නාවිකයන් වෙත විශාල වගකීමක් ඇති බවට අවධාරණය කෙරිණි. තවද, නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය සිදුකිරීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය නිසිලෙස පවත්වාගැනීමට කටයුතු කලයුතු බවටද මෙහිදී නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
තවද, උතුරු නාවික විධානයේ කොමදෝරු සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව සිදුකිරීමේ අරමුණින් අභිනවයෙන් ඉඳිකරන ලද දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේදී විවෘත කළ නාවික හමුදාධිපති, එම සංකීර්ණයෙහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට දායක වූ නාවික පුද්ගලයන් වෙත එහිදී ප්‍රසංශාව ඵලකරන ලදී.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද නාවික හමුදාධිපතිගේ උතුරු නාවික විධානයේ නිල සංචාරය සඳහා, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා, නාවික හමුදාධිපතිගේ නාවික සහයක රියර් අද්මිරාල් සුජිව සෙනවිරත්න, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා, නාවික අණභාර නිලධාරි (දුපත්) කොමදෝරු හෙන්ස්ලි පිරීස් ඇතුළු උතුරු නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් සීමිත පිරිසක් සහභාගිවී සිටියහ.
Commander of the Navy visits Northern Naval Command
Embarking on an official visit to the Northern Naval Command, Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne looked into the operational readiness and administrative functions of the Northern Naval Area on 08th and 09th January 2022.
Beginning his itinerary on 08th January from Naval Deployment Veththilakerni Commander of the Navy paid his attention to the operational status quo, administrative matters and several welfare provisions for naval personnel there. He gave necessary instructions to step up naval operations to thwart illegal activities taking place in Veththilakerni sea area and planted saplings at the premises, marking the visit.
Meanwhile, Vice Admiral Ulugetenne visited the Nagadeepa Purana Raja Maha Viharaya on 09th January and paid his obeisance to the Chief Incumbent of Nagadeepa Purana Rajamaha Viharaya and Chief Sanghanayake for Northern Province, Most Ven. Nawadagala Padumakitti Tissa Thero.
Further, Commander of the Navy laid a foundation stone for the construction of a new Multipurpose Command Operations Room at SLNS Uththara on 09th January, making way to expand operational capacities of the Command in the time to come.
Addressing the officers and sailors of the Northern Naval Command, Commander of the Navy expressed his gratitude to them for efficient and effective performance of the duty and execution of operations despite many challenges. He also stated that it is the intention of the Navy to maintain the operational readiness of its fleet in the face of any challenge. Further, he went on to say that naval personnel should be committed to carry out entrusted duties to the maximum extent possible with clear mind, discipline while meeting deadlines at work as well as spending quality time with the family. Commander of the Navy also underlined the importance of the Divisional System which is unique to the Navy and urged seniors to look into the matters of juniors, when they are in need of guidance. Moreover, he emphasized on the maintenance of good physical fitness for effective performance of duties entrusted to naval personnel.
Vice Admiral Ulugetenne also declared open a two-storeyed administrative building at SLNS Uththara on 09th January, put up for the use of Commodore Superintendent Logistics Department in the Northern Naval Command. He also shared a light moment with the naval personnel engaged in construction work and appreciated them for completion of the project in a short period of time.
The events were conducted adhering to COVID-19 protocols to prevent possibilities of transmission of the pandemic. Commander Northern Naval Area, Rear Admiral Priyantha Perera, Director General Logistics, Rear Admiral Nishantha De Silva, Naval Assistant to Commander of the Navy, Rear Admiral Sujeewa Senaviratne, Deputy Area Commander, Rear Admiral Saman Perera, Naval Officer in Charge (Island), Commodore Hensly Peiris and officers and sailors attached to the Northern Naval Command were present on these occasions.