27 April 2024
#දේශීය

මාතලේ ඉදිකරන අධිකරණ සංකීර්ණයට විරෝධතා උද්ඝෝෂණයක්

මාතලේ විජය ජාතික පාසල අසළ මාතලේ අධිකරණ සංකිර්ණය ඉදිකිරිමට විරෝධය පළ කරමින් විජය විද්‍යාලය ඉදිරිපිට දි ඊයේ(10)දා උද්ඝෝෂණයක් පැවැත්විණි.

මාතලේ විජය විද්‍යාලයිය ආදි ශිෂ්‍ය සංගමය/විජය විද්‍යාලය සුරකිමේ සංවිධානය ඇතුලු පිරිස විසින් මෙම උද්ඝෝෂනය සංවිධානය කර තිබුණි.

මාතලේ දිස්ත්‍රික්කයේ පැරණිතම බෞද්ධ විද්‍යාලයක් වන මෙම විජය ජාතික පාසල වසර 136කට පෙර හෙන්රි ස්ටිල් ඔල්කට් මහතා විසින් ආරම්භ කෙරුණි.

මෙහිදි උද්ඝෝෂණයේ නිරත වු පිරිස කියා සිටියේ මාතලේ විජය විද්‍යාලය අසළ මේ වන විට ඉදිකරමින් පවතින අධිකරණ සංකිර්ණයෙහි ඉදිකිරිම් කටයුතු වහා නවතන ලෙසත් අධිකරණ සංකිර්ණය වෙනත් ස්ථානයක ඉදිකිරිම සදහා රජය වහා පියවර ගත යුතු බවය.

උද්ඝෝෂණය සදහා මාතලේ විජය විද්‍යාලයිය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති/පාරිලමෙන්තු මන්ත්‍රි රෝහණ දිසානායක,ආදිශිෂ්‍ය සංගමයේ ලේකම් නිශාන්ත ඩයස් බණ්ඩාර,මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන යන මහත්වරුන් ඇතුලු ආදි සිසුන් දෙමාපියන් විශාල පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *