අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවාගෙන විමර්ශන සිදුකළ ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු වන ‘කමාන්ඩෝ සලින්ත’ නමැත්තා ලබන මාර්තු 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය. දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරිණි. මොහු ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කර ඇත.














