• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාබනික වගාවෙන් හානි වුනොත් වන්දි ගෙවනවා – රාජ්‍ය ඇමැති රොෂාන්

29 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කාබනික පොහොර යොදා වගා කරන ගොවීන්ට පාඩුවක් වුවහොත් පරිපූරක ඇස්තමේන්තුවකින් මුදල් වෙන්කර හෝ මුදල් ලබා දෙන බව පළාත් සභා හා පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

රජය එකවර ගොවියා කාබනික පොහොර වැඩපිළිවෙලකට රැගෙන නොගිය බවයි බවත්, රසායනික පොහොර ඉවත්කර ගොවියා කාබනික පොහොර සඳහා යොමු කිරීමට තීරණය කළේ මීට වසර තිහකට එපිට රට පාලනය කෙරූ එක්සත් ජාතික පක්ෂ රජය බවත්, එම වැඩපිළිවෙළ රට තුළ ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් සහ මහජනතාව දැනුවත් කිරීමට පැවති රජයන් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කර ඇති බවත්, ලෝක බැංකුව හරහා ව්‍යාපෘති අනන්ත අප්‍රමාණ ගෙනවිත් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 28 වෙනිදා සවස, පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයන් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

පොලොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි, පොළොන්නරු දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආර්. පී. උපාලි යන මහත්වරුන් සහ වාරිමාර්ග, මහවැලි ,ගොවිජන සේවා ආයතන වල උසස් නිලධාරීන් ඇතුළු මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ, ගොවීන්ට අවශ්‍ය සියලු කාබනික පොහොර වෙනත් දිස්ත්‍රික්ක වලට වඩා පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවීන්ට ලබාදීමට දිසාපතිවරයා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන බවයි. රට තුළ යම් රසායනික පොහොර ප්‍රමාණයක් මෙන්ම වල්නාශක කෘමිනාශක, තිබෙන බවත් ඒවා වී සහ සහල් මාෆියාව වගේම කළු කඩ මුදලාලිලා ගොවීන්ට අධික මිල ගණන්වලට ලබාදීම පිළිබඳව සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අධික වර්ෂාව නිසා රජය මගින් ලබාදෙන නැනෝ නයිට්‍රජන් පොහොර දිය වී ගියහොත් ඊට රජයෙන් මැදිහත් වී පොහොර වරක් නොව දෙතුන් වරක් වුව ද ලබාදීමට අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තමා සමඟ කල දුරකථන සංවාදයක දී පොරොන්දු වූ බවද රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.

මිනිසාට හානිකරන අවම මට්ටමේ තිබෙන පොහොර ආනයනය කිරීමට රජය අවසර ලබාදුන් බවත් ,පවතින තත්ත්වය මත වෙනත් රසායනික පොහොර මෙරටට ආනයනය කිරීමට කාලයක් නොමැති බවද රණසිංහ මහතා මෙහිදී පැවසීය.

පොලොන්නරුව ගොවීන් මෙවර මහ කන්නයේ සීයට අසූවක් පමණ වී වගා කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කර අවසන් බවත්, වැඩිම වී අස්වැන්නක් හා ආදායම් ලබන කන්නය මෙවර මහ කන්නය බව ද සඳහන් කළේය.

මෙහිදී පැමිණි සිටි ගොවි නියෝජිතයින්ගෙන් සීයට අසූවකටත් වැඩි පිරිසක් කියා සිටියේ තමන් කාබනික පොහොර ක්‍රමයට කැමති බවයි. එය එකවර කළ නොහැකි ක්‍රියාවක් බවත්, හැකිනම් මෙවර කන්නයට සියට පනහක්වත් රසායනක පොහොර ලබා දීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන ලෙස ඔවුන් පැවසීය.

ගොවි නියෝජිතයින් කිහිප දෙනෙක් මෙහිදී කෘෂිකර්ම, ගොවිජන හා මහවැලි නිලධාරීන්ට චෝදනා කලේ ජනාධිපතිවරයාගේ කාබනික පොහොර වැඩපිළිවෙළ පිළිබඳ බිම් මට්ටමේ ගොවීන් දැනුවත් නොකළ බවයි. ගොවීන් නිසියාකාරව රජයේ කාබනික පොහොර වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කරානම් මීට වඩා කාබනික පොහොර වැඩපිළිවෙල සාර්ථක වන බව ද එහිදී ගොවි නියෝජිතයෝ සඳහන් කළහ.

ඊට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ ජනාධිපති වරයාගේ කාබනික පොහොර වැඩපිළිවෙළ පස්සට තල්ලු කිරීම සඳහා ඇතැම් රාජ්‍ය නිලධාරීන් මෙන්ම විපක්ෂය කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවයි. රජයේ කාබනික පොහොර වැඩපිළිවෙළ බිම් මට්ටමට රැගෙන නොගිය එම රාජ්‍ය නිලධාරින් පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

කාබනික පොහොර යටතේ වී වගා කරන ගොවීන්ට යම් පාඩුවක් සිදු වුවහොත් ඊට අයවැයෙන් මුදල් වෙන් නොකළ ද. අවශ්‍ය වුවහොත් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මුදල් වෙන් කරගෙන ගොවියාට අවශ්‍ය වන්දි ලබාදීමට රජය පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, ගොවිජන සේවා,මහවැලි වාරිමාර්ග. අංශවල උසස් නිලධාරින් මෙන්ම ගොවිජන නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

මාතලේ වයස අවුරුදු 60 වැඩි අයට එන්නත්කරණය 30 වනදා

Next Post

මෙරටින් ගිය ශ්‍රී ලාංකීකයින්ට යළි මව්රටට පැමිණ ගෞරවාන්විතව ජිවත් විය හැකියි – ඇමැති ඩග්ලස්

editor

editor

Next Post

මෙරටින් ගිය ශ්‍රී ලාංකීකයින්ට යළි මව්රටට පැමිණ ගෞරවාන්විතව ජිවත් විය හැකියි - ඇමැති ඩග්ලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

19 June 2025
අද වහින ප්‍රදේශ මෙන්න

අද වහින ප්‍රදේශ මෙන්න

19 June 2025
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025

Recent News

ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

19 June 2025
අද වහින ප්‍රදේශ මෙන්න

අද වහින ප්‍රදේශ මෙන්න

19 June 2025
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

19 June 2025
අද වහින ප්‍රදේශ මෙන්න

අද වහින ප්‍රදේශ මෙන්න

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved