• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කඩිනමින් අවසන් කරන්න – ඇමති ප්‍රසන්නගෙන් නිලධාරීන්ට උපදෙස්..

21 April 2024
in දේශීය, පුවත්
“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නිළධාරීන්ට පෙරේදා (19) උපදෙස් ලබා දුන්නේය.

මෙම ව්‍යාපෘතියේ නාගරික පහසුකම් සැපයීමේ පහසුකම වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක්ද පත්කර තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බවයි. 2019 වසරේදී ආරම්භ කෙරුණු මේ ව්‍යාපෘතිය රටේ ඇති වූ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර කෙරිණි.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිවයි. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 30කි. සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල හඳුනා ගන්නා ලද ස්ථාන සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරේ. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් රටට විශාල ආදායමක් උත්පාදනය කරගත හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණු කීපයකි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කිරීම, ආර්ථික සංවර්ධනය හා ආදායම් උත්පාදනය කිරීම සහ පාරිසරික කළමනාකරණය ඒ අතර වේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ සීගිරිය සහ දඹුල්ල නගරවල සංචාරක කර්මාන්තය නඟා සිටුවීම පාර්ශ්වකාර ආයතන සමඟ එක්ව මේ වන විට ඊට අදාළ සැලසුම් සකස් කර ඇති බවයි.

සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් සංවර්ධනය කිරීම උප ව්‍යාපෘති 8ක් යටතේ සිදු කෙරේ. එනම් සීගිරිය නව ගම්මාන රථගාල, සනීපාරක්ෂක පහසුකම් හා සීගිරිය පර්වත පිවිසුම් ස්ථානය දක්වා වැඩිදියුණු කිරීම, පිදුරංගල, මාපාගල පුරාවිද්‍යා ස්ථානය සංරක්ෂණය, කළුදිය පොකුණ වැඩිදියුණු කිරීම, රාමකැලේ සිට පිදුරංගල දක්වා උරුම මාවත සංවර්ධනය, සීගිරි වැව වැඩි දියුණු කිරීම, තොරතුරු කේන්ද්‍රය ස්ථාපිත කිරීම, ඉනාමළුව වැව හා ගලේවෙල වැව අවට යටිතල පහසුකම් සංවර්ධනය, කැළිකසළ කළමනාකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමයි.

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගර හා ඒ අවට හඳුනාගත් ප්‍රදේශ ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී සංචාරක කලාප ලෙස සංවර්ධනය කරන බවයි. මේ ප්‍රදේශ සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේදී ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට කටයුතු කරන ලෙසද ඇමැතිවරයා උපදෙස් දී තිබේ.

සීගිරිය, දඹුල්ල ව්‍යාපෘතිය සඳහා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය මේ වන විට ලබා ගෙන ඇති බව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.

ප්‍රදීප් අනුර කුමාර

Post Views: 12,857
Previous Post

රට ගොඩනැඟීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නැහැ – ජනපති

Next Post

පාස්කු ත්‍රස්තයන් එක්ක අපිට ඩීල් නැහැ – විපක්ෂනායක සජිත්

editor ttvnews

editor ttvnews

Next Post
උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි – විපක්ෂනායක සජිත්

පාස්කු ත්‍රස්තයන් එක්ක අපිට ඩීල් නැහැ - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

29 July 2025
ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

29 July 2025
මෙරට අපනයන ආදායම් ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා

මෙරට අපනයන ආදායම් ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා

29 July 2025
ජනපති අනුරට නිර්මාණය වූ මාලදිවයින් ගීතය

ජනපති අනුරට නිර්මාණය වූ මාලදිවයින් ගීතය

29 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

29 July 2025
ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

29 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved