• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමාජ මාධ්‍යයේදී සිදු කරන අනියම් තර්ජනය පිළිකුල් සහගතව හෙළා දකිනවා – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය

9 June 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගත තත්ත්වයේදී රජය විසින් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීම ගැන සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට සිදු කරන අනියම් තර්ජනය අපි විසින් පිළිකුල් සහගතව හෙළා දකින බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි.

එම සංගමය පවසා සිටින්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ද මාධ්‍ය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කල යුතු බවත් සමාජ මාධ්‍ය භාවිතා කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා දඩමීමා කරගනිමින් පොදුවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් හා පොදු සමාජය බිය ගැන්වීම් සිදු කිරීම නවත්වන ලෙසද බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් මාධ්‍ය වෙත යොමු කල නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

රජය විසින් දින කිහිපයක සිට භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහසට සිදු කරන තර්ජනයන් පිළිබඳ, මාධ්‍යවේදීන්ගේ මෙන්ම පුරවැසියන්ගේද අයිතිවාසිකම් බලාත්මක කිරීම, සුරක්ෂිත කිරීම හා තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණ ප්‍රධාන අරමුණක් වන අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ අවධානය යොමු වී ඇත.

විශේෂයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කෙරෙහි රජය සිය මර්දනය දියත් කිරීමට උත්සහ කරන බවක් පෙනී යයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ සමාජ මාධ්‍ය අවකාශය තුළ කොවිඩ් 19 තත්ත්වය හා අනෙකුත් සංවේදී කාරණා පිළිබඳ ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරන්නන්, පතුරවන්නන් සෙවීම සඳහා සහ ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කර ඇති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයේ ඇතුළත් “අනෙකුත් සංවේදී කාරණා” යන කරුණ පිළිබඳව අපගේ දැඩි අවධානය යොමු වෙයි. අනෙකුත් සංවේදී කාරණා යනු මොනවාද යන්නත් එම කාරණා කොතරම් පුළුල්ව විහිදෙනවාද යන්න පිළිබඳවත් පැහැදිලි කිරීමක් නොමැති අතර, එම කාරණා කවරෙකුට සංවේදී කාරණාද යන්න පිළිබඳවත් ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

2021ක්වූ ජූනි මස 08 වන දින පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයේද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය විස්තරාත්මකව විස්තර කරමින් චෝදනාවන් ගොනු කල හැකි අණ පනත් ගණනාවක් ජනතාවට පෙන්වයි.

එහි දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියද සඳහන් කිරීම පිළිබඳ අපි මවිතයටත් කණස්සල්ලටත් පත් වෙමු. ලංකාණ්ඩුවට විරුද්ධත්වයක් පළ කිරීම අපරාධ වරදක් බවට පත් කරන එය යටත් විජිත යුගයේ ආචීර්ණ කල්පික නීතියක් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට මුල් තැන දෙමින්, පුරවැසියන්ට ආණ්ඩුවට විරුද්ධව භාෂණයෙන් හා ප්‍රකාශනයෙන් කටයුතු කල හැකි බවත් උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අවස්ථා ගණනාවකදී අඛණ්ඩව තහවුරු කර ඇති බවත් අපි පෙන්වා දීමට කැමැත්තෙමු. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ 3 වන වගන්තිය මඟින් සිදු කරන අත්අඩංගුවට ගැනීම් පිළිබඳ මේ වන විටත් සමාජයේ විවේචනයට ලක් වී ඇති බවත් පෙන්වා දෙන අපි සමාජ මාධ්‍යයේ කෙටි කතාවක් පළ කිරීම හේතු කොට ගෙන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන යටකී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මාස කිහිපයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කල ශක්තික සත්කුමාර නම් ලේඛකයාට චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු නැති බව පැවසූ හෙයින් නිදොස් කොට නිදොස් වූ අයුරුද මෙහිදී සිහිපත් කරමු.

ජූනි මස 08 වන දිනම පාර්ලිමේන්තුව තුළදී ප්‍රකාශයක් නිකුත් කරන පොලීසිය භාර ඇමති සරත් වීරසේකර මහතාද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයට සමාන ප්‍රකාශයක් පුනරුච්චාරණය කරයි. පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාද විපක්ෂයේ මන්ත්‍රීවරයකුට ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් ගැනත්, ඒවා නියාමනයට ළගදී ගෙන එන පනතක් ගැනත් ඉඟි පළ කරයි. මේ සියළු සිදුවීම් මගින් පෙනී යන්නේ ආණ්ඩුවේ මතය විවේචනය කරමින් තම භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස භුක්ති විඳින සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් බිය ගැන්වීමට ආණ්ඩුව උත්සහ දරන බවයි.

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ද මාධ්‍ය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කල යුතු බව අප පිළිගන්නා අතරම සමාජ මාධ්‍ය භාවිතා කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා දඩමීමා කරගනිමින් පොදුවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් හා පොදු සමාජය බිය ගැන්වීම් සිදු කිරීම නවත්වන ලෙසද අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

පොලීසිය හා රජය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට එරෙහිව ව්‍යාජ තොරතුරු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙද්දී, සෞඛ්‍ය අමාත්‍යංශයේ හා වසංගත රෝග විද්‍යාංශයේ වෙබ් අඩවි වල කොවිඩ් 19 ආසාධිත රෝගීන්ගේ සංඛ්‍යාලේඛනයන් හි සැලකිය යුතු වෙනසක් ඇති බවද මාධ්‍ය වාර්තා කරන ලදී. කොවිඩ් 19 සම්බන්ධයෙන් තොරතුරු සදහා පහසුම ප්‍රවේශය ඇති රජයේ ආයතනයන්ටත් සිය සංඛ්‍යාලේඛනයන් නිවැරදිව ඉදිරිපත් කල නොහැකි මෙවන් සංකීර්ණ වසංගත අවස්ථාවක රජය විසින් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීම ගැන සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට සිදු කරන අනියම් තර්ජනය අපි විසින් පිළිකුල් සහගතව හෙළා දකිමු.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සිදු කරනු ලැබූ ඉහත කී ප්‍රකාශයෙන් පැය කිහිපයක් ගත වෙද්දී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ යසිරු කුරුවිටගේ මැතිව් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපගේ දැඩි අවධානය යොමු වී ඇත. ඔහු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ආකාරය දෙස අප විමසිලිමත්ව බලා සිටින අතර වාර්තා වී ඇති පරිදි අත්අඩංගුවට ගැනීමේදී ඔහුට විරුද්ධ චෝදනාව කුමක්දැයි දැන්වීමට අත්අඩංගුවට ගැනීමට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අපොහොසත් වී ඇත. ඒ අනුව එකී අත්අඩංගුවට ගැනීම නීතියෙන් නියම කරනු ලැබූ කාර්යපටිපාටියට අනුව සිදු වී ඇත්ද යන්න පිළිබඳව සැක මතු වී ඇත. යසිරු කුරුවිටගේ මැතිව් මහතාට නීතියේ සර්වසාධාරණ රැකවරණය ලබා දෙන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති මූලික අයිතිවාසිකම්හි රැකවරණය ලබා දෙන ලෙසත් අපි රජයට බල කර සිටිමු.

 

Post Views: 5
Previous Post

ඔස්ට්‍රේලියානු රජයෙන් රු. මි 38 ක් වටිනා පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල ප්‍රදානයක්

Next Post

සදාහරිත සේවකයින් රැසක් SLIM උපාධි ප්‍රධානෝත්සවයේදී අලෙවිකරණ වෘත්තිකයින්

editor

editor

Next Post

සදාහරිත සේවකයින් රැසක් SLIM උපාධි ප්‍රධානෝත්සවයේදී අලෙවිකරණ වෘත්තිකයින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved