27 April 2024
#දේශීය

ඔස්ට්‍රේලියානු රජයෙන් රු. මි 38 ක් වටිනා පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල ප්‍රදානයක්

ඔස්ට්‍රේලියානු රජය විසින් සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට අත්‍යාවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් ප්‍රදානයක් ලෙස ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රුපියල් දසලක්ෂ 38 ක වටිනාකමකින් යුතු මෙම පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන්යානයකින් මත්තල ගුවන් තොටුපළ
වෙත ගෙන එන ලදි.

මෙම පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගය මත්තල තුවන් තොටුපළේදී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක යන මහත්වරුන් විසින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති ඩේවිඩ් හෝලි මහතාගෙන් භාරගනු ලැබූ අතර , එම ප්‍රදානය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාරදීම අද ( 09 ) දින ඕස්ට්‍රේලියානු තානාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සිදු කරන ලදී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *