රටපුරා ඉතාමත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොරෝනා වෛරසය හේතුවෙන් අකාලයේ මිය ගිය මහරගම ප්රමුඛව සමස්ථ රටේම ජනතාවට (14,997) පුණ්‍යානුමෝදනා පිරිනමමින් එළඹුණු 2022 නව වසර මහරගම ප්රමුඛව සමස්ථ රටටම සෙතක් යහපතක් වේවායි ආශිර්වාද එක්කිරීමේ විශේෂ පිංකමක් ඊයේ (02) මහරගම ජාතික තරුණ සේවා සභා ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.
අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක ධුරීණ, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අග්ගමහාපණ්ඩිත, අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ පූර්ණ ආශිර්වාදයෙන් මහරගම බෞද්ධ විහාරස්ථාන 58 හි නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් මෙම පිංකම පැවැත්විණ.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, විජේදාස රාජපක්ෂ මහත්වරුන්ද, හිටපු පළාත් සභා මන්ත්‍රී නිමල් ආර් පීරිස් මහතා ප්රමුඛ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්, මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය ප්රමුඛ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමන්, මහරගම පොලීසීයේ නිලධාරීන් සහ මියගිය අයගේ ඥාතීන් බොහෝ දෙනෙකු එක්ව සිටියහ.