27 April 2024
#දේශීය

ඩුබායි එක්ස්ප්‍රෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය අදයි – ඇමැති ප්‍රසන්න

ඩුබායි එක්ස්ප්‍රෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන දිනය අද (03) දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කලේ උත්සවය සඳහා පැමිණි අවස්ථාවේ ඩුබායි ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

අවස්තානුකූල සංචලතාවය හා තිරසාරත්වය යන තේමාවෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ඉකුත් ඔක්තෝම්බර් මාසය ආරම්භ කෙරුණු අතර මාර්තු මාසය දක්වා මාස හයක කාලයක් පැවැත්වේ.

අක්කර 1083 ක කාන්තාර භූමියක පැවැත්වෙන මෙම දර්ශනය සඳහා රටවල් 282 ක් සහභාගි වෙයි. ශ්‍රී ලංකා ප්‍රදර්ශන මණ්ඩලය සඳහා මීටර් 212ක කලාපයක් වෙන්කර ඇති ප්‍රදර්ශන කුටියේ ශ්‍රී ලංකා සංචාරක කලාපයේ අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය හා ආයෝජන මණ්ඩලය ප්‍රදර්ශන කුටි පවත්වා ගෙන යයි.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කලා ශිල්ප හා අත්කම් ගැන අන්තර් ක්‍රියාකාරී අත්දැකීම් ලබාගත හැකි අත්කම් කවුරුවක් ද මෙයට එක් කර ඇත. වේවැල්, රූකඩ කුඹල්, කැටයම්,මූර්ති , බීරලු, පිත්තල, වෙස්මුහුණු පන්කොළ ආදී දේශීය කලා ශිල්ප අත්කම් නිර්මාණ ද මෙයට එක් කර තිබේ.

සෞඛ්‍යාරක්ෂිත, සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම මෙහිදී සිදු කෙරෙන අතර බිඳ වැටුණු සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීමට ගෙනයන වැඩපිලිවෙල තුල ඩුබායි එක්ස්ප්‍රෝ ප්‍රදර්ශනය ද විශාල දායකත්වයක් සැපයූ බව ද සංචාරක අමාත්‍යවරයා අවදාරනය කලේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *