27 April 2024
#දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් 20,967 දක්වා ඉහළට – මරණ 94

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 20,967 දක්වා ඉහළ ගොස් ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සඳහන්ව ඇත්තේ මෙරට කොරෝනා ආසාදිත මරණ 94 දක්වා ඉහළ ගොස් ඇති බවයි. එසේම මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින්නේ 5911 ක පිරිස් වන අතර සුව වී 14962 ක් නිවෙස් වෙත ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, කොරෝනාවෛරසයට එරෙහි වැදගත් ම හා මූලික ආරක්ෂක පියවර වන්නේ සනීපාරක්ෂාව ය.
ඒ අනුව ඔබ නිතර ම සබන් සහ ජලයෙන් හෝ මද්‍යසාර අඩංගු දියරයකින් අත් සේදීම කළ යුතු අතර එමෙමගින් ඔබේ දෑත්වල රැදී ඇති වෛරස් විනාශ වේ.

එසේම නිතරම ඔබේ දෑස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න. දෑත්වලින් බොහෝ පෘෂ්ඨ ස්පර්ශ කරන අතර ඒවායේ වෛරස් රැඳී තිබිය හැකිය. එතැන් සිට, ඔබ ශරීරය ස්පර්ශ කළහොත් වෛරසය ඔබේ ශරීරයට ඇතුළු විය හැකිය.

ඔබට කිවිසුම් යන විට හෝ කැස්ස ඇති වූ විට ටිෂූ කදාසියකින් ආවරණය කළ යුතු අතර, එසේ නොමැතිනම් වැලමිට නවා ආවරණය කර ගත යුතුය.

භාවිත කළ ටිෂූ කඩදාසිය වහාම නිසි ලෙස බැහැර කරන්න. වෛරසය අඩංගු බිඳිති ටිෂූ කඩදාසියේ රැදී තිබිය හැකි හෙයින් එය බැහැර කිරීමෙන් වෙනත් පුද්ගලයින්ට ආසාදනය වීම වළක්වා ගත හැකිය.

පුද්ගලයන් අතර අවම වශයෙන් මීටර් 2ක දුරක් තබා ගත යුතු යැයි උපදෙස් ලබා දී ඇත්තේ ද මෙම හේතුවට වන අතර, මෙයින් අදහස් වන්නේ දළ වශයෙන් එකිනෙකා අතර අත් දෙකක දුරක් පවත්වා ගත යුතුයි යන්නය.

බොහෝ ස්ථානවල සියලුදෙනාට නිවසේ රැඳී සිටින ලෙසත්, අත්‍යවශ්‍ය කරුණක් සඳහා පමණක් පිටතට යන ලෙසත් උපදෙස් දී ඇත්තේ කැස්ස සහ කිවිසුම් යන පුද්ගලයන් සමඟ සම්බන්ධතා අවම කර ගැනීමේ උත්සහයක් ලෙසිනි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *