27 April 2024
#දේශීය

කොරෝනා මර්ධනය වැඩසටහන අඛණ්ඩව

නව රෝගීන් හදුනා ගැනීම සදහා කරනු ලබන පරීක්ෂණ ක්‍රම පිළිබදව, ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම, ඇදිරිනීතිය ලිහිල් කිරීමත් සමග වෛරස් ව්‍යාප්තිය, වෛද්‍ය උපකරණ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, මගී ප්‍රවාහන කටයුතු සිදුකිරීම පිළිබදව හා රෝහල් සත්කාර සේවා කටයුතු අඛන්ඩව පවත්වා ගෙන යන බව කොරෝනා වෛරසය පාලනය කිරීමේ විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව පවසයි.

කොරෝනා (කොවිඩ් 19) වෛරසය පාලනය කිරීම සදහා තව දුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව අද දිනයේත් (22) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර දින දෙකකට වරක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

මෙහිදී නව රෝගීන් හදුනා ගැනීම සදහා කරනු ලබන පරීක්ෂණ ක්‍රම පිළිබදව, ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම, ඇදිරිනීතිය ලිහිල් කිරීමත් සමග වෛරස් ව්‍යාප්තිය, වෛද්‍ය උපකරණ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, මගී ප්‍රවාහන කටයුතු සිදුකිරීම පිළිබදව හා රෝහල් සත්කාර සේවා කටයුතු අඛන්ඩව පවත්වා ගෙන යාම වැනි කාරණා පිළිබදව විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.

ඇදිරිනීතිය ලිහිල් කිරීමත් සමග ජනජීවිතය ක්‍රියාත්මක කිරීම පිළිබදව, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධක්ෂවරු/ පලාත් සෞඛ්‍ය සේවා අධක්ෂවරු/ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් හරහා නිසි සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමටත්, රෝහල් සත්කාර සේවා අඛන්ඩව පවත්වා ගෙන යාම පිළිබදවත්, සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් වලට අනූව ප්‍රවාහන අංශය ක්‍රියාත්මක කිරිමටත්, නව ආසාදිතයන් හදුනා ගැනීම සදහා පරීක්ෂණ කටයුතු වලට අවශ්‍ය වන වෙද්‍ය උපකරණ හා උපාංග හිගයකින් තොරව පවත්වාගෙන යාම වැනි කාරනා වලදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුවේ නිළධාරීන්ට උපදෙස් දෙන ලදී.

මෙම අවස්ථාවට විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සුනිල් ද අල්විස්, වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, වෛද්‍ය ලාල් පනාපිටිය, වෛද්‍ය පබා පලිහවඩන,යන මහත්ම මහත්මීන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගි විය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *