27 April 2024
#විදෙස්

ඉන්දියාවට කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍යයි

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන්දිය මාධ්‍ය මෙන්ම ‍විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ වන විට ඉන්දිය ජාතිකයින්ගේ මරණ ඉහල අගයක් ගන්නා බවයි.

එය අද දින වන විට 201,187 දක්වා ඉහල ගොස් ඇති බවයි. 17,997,267 මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. කෙසේ වෙතත් ඉන්දිය මාධ්‍ය මෙන්ම විදෙස් මාධ්‍ය පවා පවසා සිටියේ ඉන්දියාවේ පවතින මැතිවරණ ප්‍රචාරණය සහ ආගමික උත්සවය නිසා මෙම කොරෝනා ආසාදිතයින් වැඩි වී ඇති බවයි.

තමන්ගේ රටේ සල්ලි, අධ්‍යාපනය මෙන්ම මිනිස්සු කොපමණ සිටියද මෙවැනි අවස්ථාවකදී මුහුණ දීමට අවශ්‍ය හදිසි ප්‍රතිකාරක අවස්ථා නොමැති බව ඉන්දිය ජනතාව පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *