27 April 2024
#දේශීය

සංචාරක ක්ෂේත්‍රයේ අයටත් කොරෝනා එන්නත් – ඇමැති ප්‍රසන්න

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට කොරෝනා එන්නත ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (01) පෙරවරුවේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය.

කොරෝනා වසංගතය හමුවේ අර්බුදයකට මුහුණ දී තිබෙන සංචාරක ක්ෂේත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ කඩිනම් වැඩසටහන යටතේ එය ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින්නන්ට සහන ලබා දීමටත් නැවත ඔවුන්ගේ ජීවන මාර්ගය යථා තත්ත්වයට ගෙන ඒමටත් රජය පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක කරන නමුත් එය ඔවුන් වෙත සන්නිවේදනය වීමේ දුර්වලතා පවතින බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ” අපි ආන්ඩුවේ ඉන්නකොට විපක්ෂය කකුලෙන් අදිනවා.විපක්ෂය බලයට පත් උනහම තව පිරිසක් කකුලෙන් අදිනවා.අවසානයේ දී ජනතාව දුක් විඳිනවා.ඒ නිසා මේ අවුරුදු පහක කාලසීමාව තුළදී මේ කාරණා පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිව අපි කටයුතු කරනවා. සංචාරක ක්ෂේත්‍රයේ සම්බන්ධ අත්දැකීම් තියෙන පිරිසක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවනම් මේ ක්ෂේත්‍රයේ රැකගැනීම පහසුයි. සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යාපාරිකයින්ට කඩිනමින් කොවිඩ් එන්නත ලබා දෙන්න කටයුතු කරමින් තිබෙනවා. මේ රජය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තොරතුරු සන්නිවේදනය වීමේ දී විශාල අඩුවක් මම දකිනවා .

 

 

 

 

Corona vaccine for those in the tourism sector – Minister Prasanna

Tourism Minister Prasanna Ranatunga says that a special program will be launched to provide corona vaccine to those engaged in tourism.

The Minister said this at the Batticaloa District Secretariat yesterday (01) morning.

The Minister said that it will be implemented under the accelerated program to revive the tourism sector which is facing a crisis due to the Corona epidemic.

The Minister said that although the government is implementing a clear program to provide relief to those in the tourism industry and restore their livelihoods, there are shortcomings in communicating to them.

Speaking further Minister Prasanna Ranatunga said, “When we are in the government, the opposition is dragging its feet. When the opposition comes to power, another group is dragging its feet. In the end, the people suffer. If there are people with experience in this field, it will be easier to protect them in this field.

Leave a comment

Your email address will not be published. Required fields are marked *