• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බෙදුම්වාදීන්ගෙන් රට බේරාගත්ත විරෝධාර නායකයා මහින්ද බව මන්ත්‍රී එස්.එම් කියයි

18 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වසර 30 ක ත්‍රස්තවාදය හේතුවෙන් අප රටේ විශාල ජනතාවක් මියගිය බවත් ඉතා අමිහිරි, ත්‍රාසජනකව පැවති ත්‍රස්තවාදය මේ රටින් අතුගා දැමීමට මූලිකත්වය ගත් නායකයා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා, “ අද අපේ රටට වැදගත්, සුවිශේෂි දවසක් හැටියට අපි සිහි කරන්න ඕන.හුඟාක් දෙනෙකුට අමතකවෙලා තිබෙනවා අද 14 වෙනි රණවිරු විජයග්‍රහණය වෙනුවෙන් පවත්වන දවස. එදා එල්.ඊ.ටි.ටි. ත්‍රස්තවාදය නිසා මේ රටේ ජනතාව යටත්වී සිටියා කියලා අපි කවුරුත් දන්නවා. අවුරුදු 30 ක් මේ ත්‍රස්තවාදය නිසා මේ රටේ විශාල ජනතාවක් මියගියා. ඉතා අමිහිරි, ත්‍රාසජනක තිබුණු ත්‍රස්තවාදය මේ රටින් අතුගාලා දමන්න මූලිකත්වය ගත්ත නායකයා තමයි පොදුජන පෙරමුණේ නායක අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වීම ගැන අපි හැමවෙලාවේම ඉතා ආඩම්බරෙන් කතා කරන්නේ. එතුමා තමයි රජ කාලයෙන් පස්සේ මේ රටේ තිබුණු බෙදුම්වාදීන්ගෙන් රට බේරාගත්ත විරෝධාර නායකයා. නමුත් දැන් මේ පිළිබඳව ජනතාවට අමතකවෙලා තිබෙනවා. අද මේ සැමරුම මුළු රටටම වැදගත්. මේ ත්‍රස්තවාදීන් නිසා අපේ රටේ නායකයෝ පමණක් විතරක් නොවේ ඉන්දියාවේ බලවත්ම නායකයා වන රජිව් ගාන්ධි මැතිතුමා ජිවතය පුජා කරන්න සිදුවුණා මේ ත්‍රස්තවාදය නිසා. මේ ත්‍රස්තවාදය කොච්චරක්ද කියලා කියන්න බෑ මේ රටට වෙච්ච පාඩුව. විශාල වශයෙන් දේපළ විනාශ වුණා.කරන්න ඕන උපරිමයෙන් මේ රටේ ආර්ථිකය කඩන්න විශාල වශයෙන් මේ ත්‍රස්තවාදි පිරිස කටයුතු කළා. රණවිරුවෝ ඇස් ඉස්ම‍ස් ලේ දන්දිිලා ඉන්න පිරිස අද ඉන්නවා. අද අවතැන්වෙලා ආබාධිත වෙලා විශාල පිරිසක් ඉන්නවා. දැන් සමහරු අද වන විට කියනවා නාකි මයිනා කියලා. නාකි මයිනා කියන පිරිස 2000න් පස්සේ ඉපදිච්ච අයයි. හැබැයි මම මේ පිරිසගේ දෙමපියන්ටත් කියන්න කැමති මේ නාකි මයිනගේ තත්වේ කියලා දුන්නොත් හොඳයි ඒ කොහොම නායකයෙක් ද කියලා. අපිට ඉතාමත් කණගාටුයි පක්ෂයේ නායකයා නිසා කියනවා නොවේ මේ රටේ කවුරුත් පිළිගන්න ඕන දෙයක්. නමුත් අද දිගට හරහාට මඩ ගහනවා රටේ නැති දේවල් ජනගත කරමින් ඒ වීරත්වය යට කරන්න උත්සහ කරනවා. යුද්ධ කාලයේදි විනාශවෙච්ච පාරවල් ටික හදන්න, විනාශ කරලා තිබුණු විදුලිය නැවත ලබාදෙන්න මමත් එදා ආර්ථික කටයුතු ඇමතිවරයා හැටියට කටයතු කරපු බැසිල් රාජපක්ෂ මැතිතුමත් එක්ක මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ එකතුවෙලා කටයුතු කරපු නිසා ඒ සැබෑ තත්වය අපි දන්නවා. මේ පිළිබඳව කිසිදෙයක් දන්නේ නැති උතුරු නැගෙනහිරට පය තිබ්බේ නැති , කොළඹ සීත කාමරවල හැංගිලා හිටපු පිරිස අද අපිව විවේචනය කිරීම පිළිබඳව ඉතාම කණගාටු වෙනවා. කෙසේවෙතත් සත්‍ය ජයගන්නවා. එදා දුටුගැමුණු රජතුමා මේ රටට කළ මෙහෙය කුමක්ද? විජයබා රජ්ජුරුවෝ පරදේසක්කාරයන්ගෙන් මේ රට බේරගත්ත විදිහ ,ඒ හා සමානව කවුරු මොනවා කිව්වත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතිහාසගත වෙනවා කියන එක ප්‍රකාශ කරන්න කැමති.”යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය. ජෙරඩ් ප්‍රනාන්දු කියන්නේ අමුතුම ආගමක් හදාගත්ත පිරිසක්. ඒ පිරිස ලෝකයේ හැමතැනම යනවා. ඒ ගිහින් හැම ආගමක්ම ඒ පිරිස විවේචනයට ලක්කරලා ඒ අගම්වලට පහරදීමයි කරන්නේ. කතෝලික සභාවෙන් ප්‍රකාශයක් කරලා තිබුණා මේ කතෝලික සහභාවටද විරුද්ධව මේ පිරිස යන්නේ කියලා. ඒ වගේ ජෙරඩ් ප්‍රනාන්දු කියන දේව ගැතිවරයා මේ ලෝකයේ හැමතැනම සාම්ප්‍රදායික ආගම්වල ඉන්න භක්තිකයන්ගේ භක්තිය නැති කරලා ඒ ආගමට ඇති ලැදියාව නැති කරලා තිබෙනවා. මේ හැම ආගමික නායකයෙක්ම කරලා තිබෙන්නේ සමාජයේ යහපැවැත්මට හොඳ පැවැත්ම ඇතිකරන ධර්මය තමයි ප්‍රචාරය කරලා තිබෙන්නේ. ඊට පිටස්තරව ඒ ශාස්තෘවරුන්ගේ ධර්මයට පහර දෙමින් විවේචනය කරමින් එය නැති කරනවා කියන්නේ සමාජයට කරන විශාල විනාශයක්. අද මේ අගම්වල තියෙන ධර්මය ප්‍රචාරය කරමින් ඒ සම්ප්‍රධායිකව තිබෙන සියලු ආගම්වල මුලිකත්වය නිසා තමයි අද ලෝකය මේ විදිහට අපරාද අඩුවෙලා තිබෙන්නේ. මේ ශාස්තෘවරුන්ගේ ආගම විවේචනය කරමින් විකෘති කරාම වෙන්නේ තවත් සමාජය නරක පැත්තට හැරෙනවා. ඒ නිසා ජෙරඩ් ප්‍රනාන්දු දේවගැතිවරු මේ සමාජයට කරන්නේ විශාල අපරාධයක් සහ අසාධාරණයක්. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා මේ පිළිබඳව අවධානය යොමු කරලා පරීක්ෂණ කරලා දඩුවම් දියයුතුයි කියන තැන ඉන්නවා. ඒ නිසා අපිත් කියන්නේ අනිවාර්යයෙන්ම මේ වගේ ආගම් විකෘති කරන නොයෙකුත් මතවාද ගොඩනඟන පිරිසට දඩුවම් දියයුතුයි කියලා අපි සිතන්නේ. හුඟක් දෙනෙක් කියනවා ආගම මුල් කරගෙන , ජාතිය මුල් කරගෙන දේශපාලනය කරන්න අපි හදනවා කියලා. එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ. එසේනම් යුද්ධය අවසන් කරන්න ඕනේ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ත්‍රස්තවාදි යුද්ධය අවසන් කරපු නිසා තමයි එතුමා සැමටම ප්‍රජාතන්ත්‍රවාදය ලබාදිලා උතුරු නැගෙනහිර ඡන්දය තියලා ප්‍රජාතන්ත්‍රවාදය ඕනවටත් වැඩිය දිලා එතුමාව පරාජය කළා. එතුමා ඒ ආගම්වාදයත් ජාතිවාදයත් නැති කරපු නායකයෙක්. නමුත් හූඟාක් දෙනෙක් අපේ ගිණුම්වලට දාන්න හදනවා ජාතිවාදි, ත්‍රස්තවාදි, ආගම්වාදි කියලා. එහෙම එකක් නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි සමජාවාදි , ආගම්වාදි නොවන, ජාතිවාදි නොවන පක්ෂය. අපේ නායකයත් ඒ වගේ යැයි මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

ලංකා බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනපතිට

Next Post

පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වෙයි…. ජනක රත්නායකව ඉවත් කිරීමේ යෝජනාවක්

editor

editor

Next Post

පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වෙයි.... ජනක රත්නායකව ඉවත් කිරීමේ යෝජනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved