මැයි 02 වනදා සිට මැයි 08 වනදා දක්වා කොවිඩ් 19 ආසාදිත රෝගින්ගේ මරණ 22 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (08) තහවුරු කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 786 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 121,338 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
මේ වන විට 18,811 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.