27 April 2024
#දේශීය

කොවිඩ් මරණ 22 යි… ආසාදිතයින් 121,338 දක්වා ඉහළට 

මැයි 02 වනදා සිට මැයි 08 වනදා දක්වා කොවිඩ් 19 ආසාදිත රෝගින්ගේ මරණ 22 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (08) තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 786 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 121,338 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

මේ වන විට 18,811 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *