• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE තාක්ෂණික නිලධාරින් වෙත කොවිඩ් ආරක්ෂණ භාණ්ඩ පරිත්‍යාග කරයි

21 October 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ජනතාවට වඩාත් සමීප ‘සංස්ථා සිමෙන්ති’ වැනි නිෂ්පාදනයන් ගෙන එන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, කොවිඩ් වෛරසයට එරෙහි ජාතික සටනට සහයෝගය ලබා දෙමින්, තාක්ෂණික නිලධාරීන්ට අත්‍යවශ්‍ය කොවිඩ් ආරක්ෂණ උපකරණ තොගයක් පරිත්‍යාග කෙරිණි.

INSEE සිමෙන්ති සමාගම මේවන විටත් කොවිඩ් සටනට උර දෙන වැඩසටහන් රාශියක් දියත් කරන අතර, මෙම පරිත්‍යාගය එම වැඩසටහන්වලට අමතරව දියත් කළ සුවිශේෂී වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි ය.

මෙම භාණ්ඩ තොගය අදාල පාර්ශ්වයන් වෙත නිලවශයෙන් භාරදීම වෙනුවෙන් INSEE i2i නවෝත්පාදන අවකාශයේ පිහිටි ශ්‍රවණාගාරයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව උත්සවයක් පැවැත්වුණු අතර, එම උත්සවයට මධ්‍යම රජය, පළාත් පාලන ආයතන සහ INSEE සිමෙන්ති ආයතනය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගි වූහ.

මෙම අවස්ථාවේ දී පළාත් පාලන ආයතන වෙත මුඛ ආවරණ 40,000 ක්, දෑත් පිරිසිදු කිරීමේ විෂබීජ නාශක දියර (Hand – Sanitizer) බෝතල් 1800 ක් සහ මුහුණු ආවරණ (face-shields) තොගයක් පිරිනැමුණු අතර, මධ්‍යම රජයේ තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය වෙත මුඛ ආවරණ 15,000 ක්, දෑත් පිරිසිදු කිරීමේ විෂබීජ නාශක දියර (Hand – Sanitizer) බෝතල් 250 ක් සහ මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කෙරිණි.

INSEE සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ සහ නවෝත්පාදන) යාන් කුනිග් මහතා එම අවස්ථාවේ දී අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“INSEE සිමෙන්ති සමාගම ‘ජීවිතය ගොඩනඟන’ කියන තේමාව යටතේ ක්‍රියාත්මක වන ආයතනයක්. එම මූලික සංකල්පයේ ම කොටසක් විදියට අපි අපගේ ජනතාවට නිරන්තරයෙන් සහයෝගය දක්වනවා. වගකිව යුතු ආයතනික පුරවැසියෙක් විදියට, අපි කොවිඩ් -19 ව්‍යසනයට එරෙහි සටනට සහයෝගය දැක්වීම සඳහා පියවර ගණනාවක් ගෙන තිබෙනවා. එය දැඩි අභියෝගයක් වුණත් අපගේ යුතුකම ඉටු කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා. මේ අනුව, මෙම වෛරසය පැතිරීම වැළැක්වීමට සහ සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය මෙවලම් රැසක් බලධාරීන් වෙත ලබා දීමට අපි කටයුතු කළා. ඉදිකිරීම් කියන්නෙ අත්‍යවශ්‍ය සේවාවක්.

ඒ නිසා ම ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව සේවයකරන තාක්ෂණික නිලධාරීන් සහ අනෙකුත් සේවකයින්ගේ රාජකාරී කටයුතු ආරක්ෂිතව සහ අඛණ්ඩව කරගෙන යාම සඳහා සහයෝගය ලබාදිය යුතුයි කියන තීරණයෙ අපි ඉන්නවා. ඒ වගේ ම අපගේ ආයතනය තුළ දී සියලුම දෙනාගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා අපි ගත හැකි සෑම පියවරක් ම අරගෙන තිබෙන බව අවධාරණය කළ යුතුයි. පෙර නොවූ විරූ මෙවැනි අභියෝගාත්මක කාල වකවානුවක දී අප සියලුදෙනාට එක්ව නැඟී සිටීමට හැකි වන දිනය එළඹෙන තුරු අපි බලා සිටිමු කියලා මම හැම දෙනාට ම පැවසීමට කැමතියි.”

INSEE සිමෙන්ති නොහොත් සියම් සිටි සිමෙන්ති (ලංකා) ලිමිටඩ් සමාගම 1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන Siam City Cement Public Company Limited හි සාමාජිකයෙකි. එමෙන් ම INSEE සමාගම විසින් සංස්ථා, මහවැලි මෙරීන්, මහවැලි මෙරීන් ප්ලස්, INSEE Rapid Flow, INSEE Rapid Flow Plus සහ INSEE Extra cement යන නිෂ්පාදන INSEE සන්නාමය යටතේ මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBSL) වෙතින් ‘හරිත සහතිකය’ හිමිකරගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සිමෙන්ති, ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති LMD සඟරාව මගින් වඩාත් ගෞරවනීය ආයතන අතරට ශ්‍රේණිගත කර ඇති අතර, එම සමාගම ශ්‍රී ලංකාවේ එකම පූර්ණ සිමෙන්ති නිෂ්පාදකයා ද වේ.

Post Views: 3
Previous Post

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

Next Post

කේරළ ගංජා කිලෝ 17 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

editor

editor

Next Post

කේරළ ගංජා කිලෝ 17 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025
PCR පරීක්ෂණ පහසුකම් සූදානමින්

PCR පරීක්ෂණ පහසුකම් සූදානමින්

29 May 2025
චිකුන්ගුන්යා  ගැන දැනගමු

චිකුන්ගුන්යා ගැන දැනගමු

29 May 2025

Recent News

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025
PCR පරීක්ෂණ පහසුකම් සූදානමින්

PCR පරීක්ෂණ පහසුකම් සූදානමින්

29 May 2025
චිකුන්ගුන්යා  ගැන දැනගමු

චිකුන්ගුන්යා ගැන දැනගමු

29 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved