27 April 2024
#දේශීය

කේරළ ගංජා කිලෝ 17 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 17 ග්‍රෑම් 700ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වූ වෙරළ තීරයන් ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 05කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය නාවික හමුදා විනයාරක්‍ෂක අංශයේ අධීක්‍ෂණය යටතේ ගිනි තබා විනාශ කිරීමට කටයුතු කරන ලදී.

 

Navy seizes Kerala cannabis worth more than Rs. 5 million in Mannar

 

Sri Lanka Navy took hold of about 17kg and 700g of Kerala cannabis, during a special operation conducted in Pesalai, Mannar in the early hours of 19th October 2021.

 

Sri Lanka Navy has been conducting regular operations in coastal regions of the island to ward off nefarious activities stemming via sea routes. In a similar operation SLNS Gajaba in the North Central Naval Command took hold of about 17kg and 700g of Kerala cannabis in Pesalai on 19th October. The narcotic substance in 08 parcels were hidden in close by shrubs by smugglers failing to take them away due to naval operations in the area.

 

The street value of the seized stock of Kerala cannabis is believed to be over Rs. 05 million.

 

The operation to recover this stock of Kerala cannabis was conducted adhering to COVID-19 protocols and the narcotic substance held in it was set on fire and destroyed, under the supervision of Naval Provost.

Leave a comment

Your email address will not be published. Required fields are marked *