මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි යන බියෙන් ජනතාව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටිමින් අමතර ඉන්ධන රැස්කිරීමට උත්සාහ කරන බව වාර්තා වේ. කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ රට තුළ මාසයකට අධික කාලයක් සඳහා ප්‍රමාණවත් තරම් පෙට්‍රල් සහ ඩීසල් තොග පවතින බැවින් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙසයි.
ජනතාව මෙලෙස අසාමාන්‍ය ලෙස ඉන්ධන ලබාගැනීමට කටයුතු කළහොත් පවතින ඉන්ධන සංචිත අවසන් වීමේ අවදානමක් පවතින බව සංස්ථාව අවධාරණය කරයි.














