• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගම්වදින වන අලි කැලෑ වදින ක්‍රමවේදයක් හදන්න – ජනපති

27 August 2020
in දේශීය

වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දෙන වන අලි ගම් වැදීමේ ගැටළුව වසර 40කට ආසන්න කාලයක් සාකච්ඡාවට ලක් වෙයි. විවිධ විසඳුම් ක්‍රියාත්මක කළ ද ගැටළුව විසඳී නැති අතර මිනිසා සහ අලියා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථීර විසඳුම් සෙවීම ප්‍රමුඛ කාර්යක් බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටීයේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලැසුම් පිළිබඳව අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

2019 වසරේ දී වන අලි ගම් වැදීමෙන් මිනිස් ජීවිත 122ක් අහිමි විය. වන අලි 407 දෙනෙකු මිය ගොස් තිබේ. මේ වසරේ ගත වූ මාස 08 තුළ අහිමි වූ මිනිස් ජීවිත ගණන 62කි. මිය ගිය අලි සංඛ්‍යාව 200කි. මේ නිසා වගා කටයුතුවලට, දෛනික ජන ජිවිතයට මෙන්ම වන අලි ගහණයට එල්ල වී ඇති තර්ජනය අතිවිශාල බව ජනාධිපතිවරයා පැවසීය.

හෙක්ටයාර දොළොස් ලක්ෂයක කැලෑ බිමක් වනජීවි දෙපාර්තමේන්තුව සතුව තිබේ. වන සතුන්ගේ ආහාර පිළිබඳ සොයා බැලීම ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දීර්ඝ කාලයක සිට පවතින ගැටළුවට විසඳුමක් සෙවීමට හෝ උපාය මාර්ග සකස් කිරීමට හෝ අදාළ ක්ෂේත්‍රවල නිලධාරීන්ට නොහැකිවීම ගැන ජනාධිපතිවරයා මවිතය පළ කළේය.

එසේම වන අලි ගම් වැදීම වළක්වා ජන ජීවිතය සහ වගා බිම් ආරක්ෂා කිරීමට ස්ථීර විසඳුම්ක් සෙවීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

අමාත්‍ය සී.බී. රත්නායක, රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ලේකම්වරු සහ නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 11
Previous Post

පාසල් දරුවන්ට කිරි වෙනුවට කැඳ වීදුරුවක් – ඇමැති මහින්දානන්ද

Next Post

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ

editor

editor

Next Post

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved