27 April 2024
#සංවර්ධන

පාසල් දරුවන්ට කිරි වෙනුවට කැඳ වීදුරුවක් – ඇමැති මහින්දානන්ද

පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබා දීම අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සමඟ විශේෂ සාකච්ඡාවක් අද (27) ගොවිජන මන්දිරයේදී පැවැති සාකච්ඡාවේදිය.

රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස මෙම වැඩසටහන රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විසින් ඉදිරිපත් ක‍ර ඇති අතර වත්මන් පාසල් දරුදැරියන් අතර මන්දපෝෂණයල අධිපෝෂණය වැනි පෝෂණ ඌනතාවයන් පවති බව අනාවරණ කළේය.

තවද අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝනොවන රෝග ව්‍යාප්තිය ද පාසල් දරුවන් අතර ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතීම ගැටළුවක් බවත් එම ගැටළුවලට පිළියමක් ලෙස වස විසෙන් තොර පාරම්පරික දේශීය සහල් වලින් කැඳ වීදුරුවක් ලබා දීම වඩාත් වැදගත් බව මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් පෙන්වා දෙන ලදී.

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම යෝජනාවට එකඟතාවය පළ කල අතර මෙම වැඩසටහනේ ශක්‍යතා අධ්‍යනයක් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදී.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතාල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *