මිල දර්ශක සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් අද (03) පෙරවරුවේ තාවකාලිකව අත්හිටුවන ලද කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කටයුතු මේ වන විට යළි යථා තත්ත්වයට පත්ව තිබේ. ‘Circuit Breaker’ පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් පසුව පනවා තිබූ විනාඩි 30ක විරාමය අවසන් වීමත් සමඟ සියලු කොටස් මිල දර්ශකය (ASPI) සහ S&P SL20 දර්ශකයේ ගනුදෙනු යළි ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ. මැදපෙරදිග යුද උණුසුම හමුවේ ඇති වූ ආරම්භක කම්පනයෙන් පසු, ආයෝජකයින් යම් ප්‍රමාණයකට ස්ථාවර වීමත් සමඟ වෙළෙඳපොළේ ගනුදෙනු මේ වන විට සාමාන්‍ය මට්ටමින් සිදුවෙමින් පවතී. කෙසේ වෙතත්, ගෝලීය තත්ත්වයන් මත වෙළෙඳපොළේ ඉහළ විචලනයක් (Volatility) තවදුරටත් පැවතිය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














