27 April 2024
#දේශීය

රටේ මුදල් ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් ඕන බව එජාප නායක රනිල් කියයි

රටේ මූල්‍ය කටයුතු පාලනය සිදු කරන්නේ පාර්ලිමේන්තුවෙන් බවත් මහ බැංකුවත්, භාණ්ඩාගාරයත් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවට යටත්ව මිසක් ඊට ඉහළින් සිට නොවන බවත් පාර්ලිමේන්තුවට මේ ගැන ප්‍රශ්න කරන්න තිබෙන වරප්‍රසාදය අනුව තමා විවාදය ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා අද (14) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ වත්මන් ශ්‍රී ලංකාව විදේශ විනිමය හිඟවීම ප්‍රධාන කොටගත් ආර්ථික අර්බුදයක සිරවී සිටින බවයි.

ඔහු දැක් වු අදහස් සම්පුර්ණයෙන් පහත පරිදි වේ ” මේ වන විට අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් කෝටි 400 යි. වසර මැද භාගයේදී බැඳුම්කර ණය ලෙස ඩොලර් කෝටි 100 ක් ගෙවීමෙන් පසු භාණ්ඩාගාරයේ ඉතිරි වන්නේ ඩොලර් කෝටි 300 ක සංචිතයක් පමණයි. එයට අමතරව තෙල් සංස්ථාව නොගෙවූ ඩොලර් බිල්පත් වටිනාකම ලෙස ඩොලර් කෝටි 130 කුත් සිරවී තිබෙනවා.

අපේ වාණිජ බැංකුවල අද ඩොලර් නෑ. අපේ බැංකු ණය වෙලා සිටින්නේ. ඒ සංඛ්‍යා ලේඛන පිට කරලා නෑ. නමුත් ලැබෙන නිල නොවන ආරංචි අනුව එය ඩොලර් කෝටි 300 ක පමණ මුදලක්.

ඒ අනුව දැනට අපට ගෙවන්න තියෙන මුළු ණය මුදල ඩොලර් කෝටි 430 ක්. නමුත් අපි සතුව තිබෙන්නේ ඩොලර් කෝටි 300 ක මුදලක් පමණයි. රට සතුව තිබෙන ඩොලර් කෝටි 300 නුත් තව ඩොලර් කෝටි 100 ට වඩා වසර අවසන්වීමට ප්‍රථම ණය වාරික ලෙස ගෙවුවහම රටේ භාණ්ඩාගාරය තුළ මොනවද ඉතිරි වෙන්නේ. රට තුළ දැන මුල්‍ය අර්බුදයක් නිර්මාණය වෙලා හමාරයි.

රටට භාණ්ඩ ආනයනය කරන්න මුදල් නැති නිසා ආණ්ඩුව ආනයන සීමා පැනවූවා. පොහොර ගේන්න මුදල් නැති නිසා කාබනික පොහොර ගන්න කියා ගොවියාට කිව්වා. ආණ්ඩුව ගොවියාට කාබනික පොහොරවලට යන්න කියන්නේ පොහොර ගේන්න මුදල් නැතිකම මත මිස වෙනත් හේතුවක් මත නොවෙයි.

ඩොලර් ගෙවා ගන්න බැරුව කොළඹ වරායට පැමිණි තෙල් නැවක් හිර වෙලා තිබෙනවා. ඩොලර් නොගෙව්වොත් මේ නැව තෙල් ටිකත් අරන් යන්න යාවී. එම නිසා ආණ්ඩුව ඩොලර් සොයමින් සිටිනවා මේ තෙල් ටික නිදහස් කර ගන්න.

කොවිඩ් මර්දන එන්නත ලබාදීම අවුරුදු 30ට වැඩි අයට පමණක් කියා නිර්දේශ කර ඇත්තේ හැම කෙනාටම එන්නත් ගෙනත් දෙන්න ආණ්ඩුවට මුදල් නැති නිසයි. මෙවැනි බරපතල අර්බුදකාරී තැනක රට හිරවෙලා සිටිනවා.

ආණ්ඩුව බොහෝ රටවලින් මුදල් ගන්න හැදුවත් ඒවා ලැබුණේ නැහැ. කෙටිකාලීනව සුළු මුදලක් සහන ණයක් ලෙස ලැබුණත් එය මේ අර්බුදයෙන් ගැලවෙන්න ප්‍රමාණවත් නැහැ. මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය දිනක තීන්දු කලා ඩෙලර් කෝටි 6500 ක් තමන්ගේ සාමාජික රටවල් 190 අතර බෙදා දෙන්න. එමගින් අපටත් ඩොලර් කෝටි 80 ක් පිනට ලැබෙනවා. ඒ මුදල මදී අපේ රටේ ආර්ථිකය ඉදිරියට ඇදගෙන යන්න. ඒ නිසා තවත් මුදල් සොයන්න වෙනවා.

ආණ්ඩුවට මුදල් හොයා ගන්න විකල්ප ක්‍රම නැතිනම් මම යෝජනා කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා, රටේ ආර්ථිකය පවත්වාගෙන යන්න අවශ්‍ය මුදල් සොයා ගන්න කියලායි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලැබුණාම ඉන්දියාව, චීනය, ජපානය වැනි රටවලිනුත් අපට මුදල් ලබා ගන්න පුළුවන් වේවී.

නැතිනම් ලබන වසර මැද භාගය පමණ වන විට අපේ විරැකියාව වැඩි වෙන්න පුළුවන්. ඒ අනුව අපේ ජනතාවගේ බඩගින්න වැඩි වෙන්න පුළුවන්. මෙම බරපතල ගැටළුව මුල් කර ගනිමින් පවතින මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටින්න මම අපේක්ෂා කරනවා . මොකද රටේ මූල්‍ය කටයුතු පාලනය කරන්නේ පාර්ලිමේන්තුවෙන්. මහ බැංකුවත්, භාණ්ඩාගාරයත් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවට යටත්ව මිසක් ඊට ඉහළින් සිට නොවෙයි. එම නිසා පාර්ලිමේන්තුවට මේ ගැන ප්‍රශ්න කරන්න තිබෙන වරප්‍රසාදය අනුව මම මේ විවාදය ඉල්ලා සිටිනවා.

 

 

 

 

 

 current economic crisis in the country – Statement made by the Leader of the United National Party, Ranil Wickremesinghe

“Sri Lanka today is mired in an economic crisis centered on a foreign exchange deficit. At present our foreign exchange reserves are $ 4 billion. After paying US $1 billion in bond servicing in the middle of the year, the Treasury has only US $3 billion in reserves left. In addition, the CPC is stuck with US $1.3 billion in unpaid dollar bills.
There are no dollars in our commercial banks today. Our banks are in debt. Those figures have not been released. But according to unofficial reports, it is around US $3 billion.
Accordingly, the total amount of debt we currently have to repay is US $4.3 billion. But we only have US $3 billion. What will be left in the country’s treasury when the country pays off the US $3 billion and more than US $1 billion in instalments before the end of the year?

A known financial crisis has been created in the country.
The government imposed import restrictions as there was no money to import goods into the country. The farmer was told to buy organic manure. The government is telling farmers to choose organic fertilizers due to lack of funds for them to purchase non-organic fertilizer and for no other reason.

We don’t have the US dollars to pay for an oil tanker that has docked at the Colombo Port. If you don’t pay dollars, this ship will take the oil that is due here. Therefore, the government is looking for dollars so that they can purchase this oil.

It has been recommended that the COVID-19 vaccine be given only to those over 30 years of age as the government does not have the funds to provide the vaccine to everyone. The country is stuck in such a serious crisis.

The government tried to take money from many countries but did not get it. Even a small loan in the short term is not enough to get out of this crisis.

Meanwhile, the International Monetary Fund recently decided to distribute $ 65 billion among its 190 member countries. This will also benefit us with US $800 million available. That money is not enough to move our country’s economy forward. So they have to find more money.

If the government does not have an alternative way of raising money, I suggest that it discusses with the International Monetary Fund and find the money needed to sustain the country’s economy. Once we get the IMF certificate, we will be able to get money from countries like India, China and Japan.

Our unemployment may increase by the middle of next year. Accordingly, the hunger of our people will increase.

I look forward to hearing a debate in Parliament on the current financial crisis over this serious issue. Because the financial affairs of the country are controlled by Parliament. The Central Bank and the Treasury operate under Parliament and not above it. Therefore, I request that under the the privileges of Parliament a debate be held in regards this matter.

Leave a comment

Your email address will not be published. Required fields are marked *