සයිප්‍රසයේ පැපොස් (Paphos) ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තහනම් ගුවන් සීමාව තුළ හඳුනා නොගත් ඩ්‍රෝන යානයක් නිරීක්ෂණය වීමත් සමඟ අද (මාර්තු 02) පස්වරුවේ ගුවන් තොටුපළ පරිශ්‍රය වහාම හිස් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. අද අලුයම සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කඳවුරට (RAF Akrotiri) ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු රට පුරා පවතින දැඩි ආරක්ෂක අවදානම හමුවේ මෙම තීරණය ගෙන ඇත. මීට පෙර හමුදා කඳවුරු ඉලක්ක වුවද, දැන් සිවිල් ගුවන් තොටුපළක් කරා මෙම තර්ජනය ව්‍යාප්ත වීම සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් අතර දැඩි කම්පනයක් ඇති කර තිබේ. සයිප්‍රස් රජය පවසන්නේ පවතින අනතුරුදායක තත්ත්වය හමුවේ සිවිල් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.














