වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළ නැංවීමට රජය ගනු ලැබූ තීරණය අගයමින් හැටන්, පන්මූර් වතුයායේ ජනතාව අද (28) විශේෂ ස්තුති ප්‍රකාශ කිරීමේ වැඩසටහනක් පවත්වා තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජයට කෘතඥතාව පළ කිරීම සඳහා සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජු සුරවීර ආරච්චි සහ ක්‍රිෂ්ණන් කලිසෙල්වි යන මහත්ම මහත්මීන් සහභාගී වී ඇත.
ප්‍රදේශයේ වතු ජනතාව මෙහිදී කිරිබත් පිස බෙදා දෙමින් සහ රතිඤ්ඤා දල්වමින් සිය සතුට ප්‍රකාශ කළහ.














