ශ්‍රී දළදා මාලිගාවේ සදා වර්ජිත නැදුන්ගමුවේ විජය රාජා හස්තියාගේ ජීවමාන ස්වරූපයට සමානව ප්‍රතිස්ථාපනය කරන ලද අනුරුව ලබන 11 වැනිදා සිට කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී මහජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව සලසා දෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනෝජ් කස්තුරිආරච්චි මහතා අද (09) ප්‍රකාශ කළේය.
මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරව බහුමානයට පාත්‍ර වූ මෙම හස්තියා ජාතික කෞතුක වස්තුවක් ලෙස නම් කර හෙට (10) දින නිල වශයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ. ආසියාවේ උසම හස්තියා ලෙස සැලකුණු නැදුන්ගමුවේ රාජා, වසර ගණනාවක් පුරා ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික පෙරහැරේ සදා පූජනීය ධාතු කරඬුව වැඩම වූ වඩාත් විශ්වාසවන්තම හස්තියා ලෙස ඉතිහාසයට එක්ව සිටියි.















