• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් ණය බර අඩු කර ගත හැකියි – ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි

8 May 2024
in දේශීය, පුවත්
විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් ණය බර අඩු කර ගත හැකියි – ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත් සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන කටයුතුද ඉදිරියට කරගෙන යා හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් හා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගනිමින් සියලු ජාතීන් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහන රැසක් හිමි වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

චීනය මෙන්ම ඉන්දියාව සමඟ සමීප සබඳතා පවත්වමින් මෙරට ආර්ථික සංවර්ධනයට දෙරටේ සහාය ලබා ගැනීමට රජය කටයුතු කර ඇති බවද අලි සබ්රි මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ” ශ්‍රී ලංකාව රටක් ලෙස නොබැඳි විදේශ ප්‍රතිපත්තිය පවත්වාගෙන යමින් සියලු ජාතීන් සමඟ සුහදව ගනුදෙනු කරනවා. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයද ආරක්ෂා කර ගනිමින් සෑම රටක් සමඟ ම ගනුදෙනු කිරීම නිසා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත පහසු වූ බව සඳහන් කළ යුතුයි. චීනය, ජපානය ,ඉන්දියාව හා පැරිස් සමාජය ණය ප්‍රතිව්‍යුගතකරණය සඳහා විශාල සහයක් ලබාදුන්නා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන කටයුතුද ඉදිරියට කරගෙන යා හැකියි. ඒ වගේම චීනය සහ ඉන්දියාව සමඟ සමීප සබඳතා ඇති කර ගැනීමට අපට හැකි වුණා. චීනය සමඟ අවබෝධතා ගිවිසුම් නවයක් මේ වනවිට අත්සන් කර තිබෙනවා. ඉන්දියාවේ ආයෝජකයින් ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් ආයෝජනය කිරීමට පෙළඹී සිටිනවා. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා ආයෝජනය කිරීමට අදානී සමාගම ඉදිරිපත්ව තිබෙනවා. සෞදි අරාබියද ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම මැදපෙරදිග රටවල් ඉන්ධන මත රැඳී තිබුණු ආර්ථිකයෙන් මිදී අනෙක් රටවල්වල ආයෝජන අවස්ථා ඇති කර ගනිමින් ඔවුන්ගේ රටවල ආර්ථිකය තවදුරටත් සංවර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අප කටයුතු කරනවා. විදේශ කටයුතු අමාත්‍යංශය ජාත්‍යන්තර නීති රීති හා එකඟතාවලට අනුකූලව විදේශ රටවල් සමඟ සබඳතා පවත්වන නිසා ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය පිළිබඳ ජාත්‍යන්තරයට ගැටලුවක් වුණේ නැහැ. ඉරානය ලබා දුන් උමා ඔය ව්‍යාපෘතිය මඟින් මෙගාවොට් 120 විදුලි ධාරිතාවක් ලබන මාසයේ සිට ජාතික විදුලි පද්ධතියට එකතු වෙනවා. ලබන මාසයේ විදුලි බිල සංශෝධනය වන විට එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවා. ශ්‍රී ලංකාව සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට නම් වීසා ගාස්තු පිළිබඳ අවධානය යොමු නොකළ යුතුයි. රටවල් පනහකට පමණ නොමිලේ වීසා ලබාදීමට අවශ්‍යව තිබෙනවා. එමඟින් සංචාරක කර්මාන්තය තව දුරටත් නගා සිටුවිය හැකියි. පසුගිය සතියේ ජපාන විදේශ අමාත්‍යවරිය මෙරටට පැමිණියා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් ජපානයේ සහාය ලබාදෙන බව ඇය ප්‍රකාශ කළා.ජපානයේ සහාය ඇතිව ආරම්භ කර මේ වන විට නවතා ඇති ව්‍යාපෘති යළි ඇරඹීමටද ජපානය එකඟතාව පළකර තිබෙනවා. ඒ වගේම මියන්මාරයේ ජාවාරම්කරුන් භාරයේ පසුවන ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා මේ වන විට රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරමින් තිබෙනවා. තවද රුසියාව- යුක්‍රේන යුද්ධය ආශ්‍රිත කුලී හමුදාවන්ට යවා ඇති අපගේ තරුණ පිරිස් බේරා ගැනීමටද රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. රුසියාවේ ආරක්ෂක අංශ සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා යැයි අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 14,006
Previous Post

ජවිපෙට බලය ආවොත් කෑලෑ නීති යුගයක් ඇති වන බව ඇමැති ප්‍රසන්න කියයි

Next Post

නව ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම් ලබා දීම ජනපති ප්‍රධානත්වයෙන්

editor ttvnews

editor ttvnews

Next Post
නව ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම් ලබා දීම ජනපති ප්‍රධානත්වයෙන්

නව ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම් ලබා දීම ජනපති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved