20 May 2024
#දේශීය #පුවත් #සංවර්ධන

ජවිපෙට බලය ආවොත් කෑලෑ නීති යුගයක් ඇති වන බව ඇමැති ප්‍රසන්න කියයි

තමන් බලයට පැමිණියහොත් තම පාක්ෂිකයන්ට යම් අධිකරණ බලයක් ලබාදෙන බවට ජනතා විමුක්ති පෙරමුණ කරනු ලබන ප්‍රකාශයෙන් තහවුරු වන්නේ කැලෑ නීතිය යලි ගම්වල ස්ථාපිත කිරීමට ඔවුන් සූදානමින් සිටින බව යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ දෙවන ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (8) එක් වෙමිනි.

අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ 88/89 යුගයේදී මිනිසුන් මරමින් ජ.වි.පේ ගම්වල කැලෑ නීතිය ක්‍රියාත්මක කළ අයුරු ජනතාවට හොඳට මතකයේ ඇති බවයි.

අන්තවාදී කණ්ඩායම්වලට බලය ගියහොත් නැවත එවැනි භයංකාර යුගයක් බිහිවනු ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණේ මෙම කතාව කිසිලෙසකින්වත් විහිළුවට නොගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *