• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“දීඝවාපිය අරුණ” අරමුදල් රැස් කිරීමේ සමාරම්භක උත්සවය ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

13 February 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දීඝවාපි චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය පිණිස අරමුදල් රැස් කිරීමේ “දීඝවාපිය අරුණ” වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී ඇරඹිණ.

සොළොස්මස්ථානවලින් එකක් වන දීඝවාපිය මෙරට දාගැබ් අතර විශාලත්වයෙන් සිව් වන ස්ථානය ගනී. බුදුන්වහන්සේගේ නිය ධාතුව තැන්පත් කර සද්ධාතිස්ස රජතුමා විසින් චෛත්‍ය ඉදිකර තිබේ.

දීඝවාපිය විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන්ගේ ඉල්ලීමකට අනුව, නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රථම හා ප්‍රමුඛ සංරක්ෂණ කාර්යය ලෙස දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ සංරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිණ.

ව්‍යාපෘතිය තෙවසරකදී අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් වැය නොකිරීම විශේෂත්වයකි. දෙස් විදෙස් අනුග්‍රාහකයන්ට ඊට මූල්‍ය මෙන්ම ශ්‍රම දායකත්වය දිය හැකිය.

“යළි දකිමු දීඝවාපිය” වෙබි අඩවිය එළිදැක්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

“දීඝවාපිය අරුණට” පළමු දායකත්වය දෙමින් නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය අඟුල්මඩුවේ අරියනන්ද හිමිපාණන් වහන්සේ පරිත්‍යාග කළ රු. මිලියන 100 ක මුදල සහිත චෙක්පත දායක සභා සමාජික චන්ද්‍රකීර්ති බණ්ඩාර මහතා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

බෞද්ධයා නාලිකාව රු. මිලියන 5 ක් සහ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, ලංකා බැංකුව, මහරගම පිළිකා රෝහල සහ සෙන්ට්‍රල් බෙයාරින් අධිපති සුදත් තෙන්නකෝන් මහතා ද සිය පරිත්‍යාග ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.

දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණයට සමගාමීව පුද බිම වෙත පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සලසමින් ශාලා 04ක් සහ කාමර 20කින් යුත් විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමිපාණන් වහන්සේ, අමරපුර චූලගන්ධි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි, මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක, පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු ද ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානීහූ සහ රාජ්‍ය නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

පරිසර හිතකාමී දේවලට උපරිම සහාය දෙනවා – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

Next Post

නවාතැන්ගෙන සිටි නිවස තුළ අයෙකු මරුට

editor

editor

Next Post

නවාතැන්ගෙන සිටි නිවස තුළ අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved