27 April 2024
#දේශීය

නවාතැන්ගෙන සිටි නිවස තුළ අයෙකු මරුට

නෙළුව, මැදගම ඊයේ (12) සවස 6 ට පමණ පුද්ගලික ඉඩමක වැඩකිරීමට පැමිණ සිටි අයෙකු ඔහු නවාතැන්ගෙන සිටි නිවස තුළ ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

ඔහු නවාතැන්ගෙන සිටි නිවස තුළ ඝාතනය කර ඇති බවට නෙළුව පොලිස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 45 ක් වු දෙගල්කන්ද මාවිට ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

මෙම මරණකරු සිටි නිවසේ ඔහු සමඟ තවත් පුද්ගලයෙකු ඉඩම් වැඩ කටයුතු සඳහා පැමිණ නවාතැන්ගෙන සිට ඇති අතර ඔහු මෙම සිදුවීමෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොන් ඇත.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර අද (13) දින මුලික මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමතයි. සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *