දෙවුන්දර ප්‍රදේශයට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත්, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාව අද (16) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ.
නාවික හමුදාවේ ගැඹුරු මුහුදු මුර සංචාරක යාත්‍රා බලඇණිය විසින් ඊයේ (15) සිදු කරන ලද මෙම විශේෂ මෙහෙයුමේදී යාත්‍රාව සමඟ සැකකරුවන් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ බර සහ වටිනාකම ගණනය කිරීම සඳහා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඉන් අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














