දෙහිවල වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යනු ලබන ප්‍රසිද්ධ අවන්හල් කිහිපයක හිමිකරුවෙකු වන ‘ලැරී’ නමැති පුද්ගලයෙකු විසින් සිදු කර ඇති බව කියන මහා පරිමාණ දේපළ කොල්ලයක් සහ නීතිවිරෝධී ක්‍රියාවලියක් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී. මොහු විසින් පවත්වාගෙන යනු ලබන යලුවා (Yaluwa), බැරිස්ටා (Barista), මචං (Machan) සහ ලැනී (Lanny) යන අවන්හල් මෙන්ම මුහන්දිරම් වලව්ව සම්බන්ධයෙන් ද බරපතල චෝදනා එල්ල වී තිබේ.
මොහු සතු වටිනාම දේපළක් ලෙස සැලකෙන ‘මුහන්දිරම් වලව්ව’ අත්පත් කරගෙන ඇත්තේ අතිශය අමානුෂික සහ සූක්ෂ්ම ආකාරයකට බව වාර්තා වේ. එහි සැබෑ අයිතිකරු කලක් මානසික රෝගයකින් පීඩා විඳ ඇති අතර, ඔහු අවසානයේ මහමග හිඟාකමින් සිටියදී අසරණ ලෙස මියගොස් ඇත. එම අයිතිකරුගේ අසරණකම ප්‍රයෝජනයට ගත් මෙම ජාවාරම්කරු, ව්‍යාජ ඔප්පු සහ ලේඛන සකස් කර අදාළ දේපළ තමන් සතු කරගෙන ඇති බවට සාක්ෂි මතුවෙමින් පවතී.
දෙහිවල වෙරළබඩ කලාපයේ මොහු පවත්වාගෙන යන අවන්හල් බොහොමයක් පිහිටා ඇත්තේ රජයේ රිසර්වේෂන් (සංරක්ෂිත) ඉඩම්වල වීම විශේෂත්වයකි. 2004 සුනාමි ව්‍යසනයෙන් පසු වෙරළබඩ ආරක්ෂිත කලාපයේ පදිංචිකරුවන් ඉවත් කර ඔවුන්ට රජයෙන් විකල්ප නිවාස ලබා දීමට කටයුතු කළේය. එලෙස හිස් වූ රජයේ ඉඩම්, දේශපාලන බලපුළුවන්කාරකම් පාවිච්චි කරමින් බලහත්කාරයෙන් අත්පත් කරගත් මොහු, අද වන විට එහි මහා පරිමාණ ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යනු ලබයි.
මීට අමතරව, විදේශගතව සිටින පිරිස් වෙත අයත් දෙහිවල ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස (Apartments) කුලියට ගෙන, පසුව ඒවායේ අයිතිකරුවන් මෙරට නොමැති අවස්ථාවලදී බලහත්කාරයෙන් එම නිවාස පවරාගෙන සිටින බවට ද චෝදනා එල්ල වේ.
මෙම පුද්ගලයාගේ බලපෑම් සහ තර්ජන හමුවේ අසාධාරණයට ලක්වූ බොහෝ දෙනෙක් සිය ජීවිත බිය නිසා මෙතෙක් නිහඬව සිට ඇත. එහෙත් දැන් මෙම අක්‍රමිකතා පිළිබඳ හඬ නැගීමට කාලය එළඹ ඇත. යම් හෙයකින් ඔබටත් මෙවැනි අසාධාරණයක් සිදුව ඇත්නම්, වහාම ඒ පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.














