අලුත් අවුරුදු දිනය වන හෙට (අප්‍රේල් 14) පස්වරු 1:00 න් පමණ පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ වවුනියාව දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සූර්යයා උතුරට ගමන් කිරීමේදී හෙට (14) දහවල් 12:10 ට නාවලඩි, පරන්තන්, මුරසුමෝඩෙයි, වෙල්ලික්කන්දල්, උඩපත්තුක්කන්දල් සහ පුලියම්පොක්කනේයි යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බව ද කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.














