ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 695ක මුදලක් ලැබී ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. මෙම ණය වාරිකය ලැබීමත් සමඟ ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයේ මුදල් සංචිත මෙන්ම රටේ සමස්ත විදේශ සංචිත ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
පසුගිය සති කිහිපය පුරා සමාජගත කර තිබූ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණ වන බවට වූ ප්‍රචාර සහ ප්‍රවාදයන් මෙම නව වර්ධනයත් සමඟ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔප්පු වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය සහ රටේ සංචිත තත්ත්වය ශක්තිමත් වීමත් සමඟ විනිමය අනුපාතයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට රජයට හැකිවනු ඇති බව මෙම කරුණු මගින් තහවුරු වේ.
















