• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විවේචන එල්ල වුවත් රටේ අනාගතය වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න වේවි – ජනපති

27 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒවා විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් හිමිවනු ඇති බව ජනාධිපතිවරයා කියා සිටි.

කෙටිකාලීන අර්බුද ජයගත් පසු ආර්ථික සහන උදාකරගත හැකි වනු ඇති අතර, රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (26) පස්වරුවේ පැවති “ජනාධිපති අපනයන සම්මාන උළෙල” අමතමිනි.

1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් “ජනාධිපති අපනයන සම්මාන උළෙල” ආරම්භ කෙරිණ. මෙවර පැවැත්වූයේ එහි 24 වන සම්මාන උළෙලයි.

ශ්‍රී ලංකාව තුළදී අපනයනකරුවෙකුට ලැබිය හැකි ඉහළම සහ අද්විතීයම සම්මානය මෙය වන අතර අපනයන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩිම දායකත්වයක් ලබාදී ඇති අපනයනකරුවන් වෙනුවෙන් ජනාධිපති සම්මාන ප්‍රදානය කෙරේ.

2019/20 හා 2020/21 මූල්‍ය වර්ෂයන්ට අදාළව මෙරට විශිෂ්ට අපනයන සමාගම් 63ක් මෙවර සම්මානයට පාත්‍ර විය. සම්මානලාභීන් තෝරාගැනීම විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතීත්වයෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් මගින් සිදු කෙරිණ.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය යටතේ අපනයන ක්ෂේත්‍රයේ රැඳී සිටීම සඳහා අපනයනකරුවන් විසින් දරන ලද පරිශ්‍රමය, කැපවීම සහ නොපසුබට උත්සාහය ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්විය. නිෂ්පාදන විවිධාංගීකරණය සඳහා හොඳම අපනයනකරු, නැඟී එන වෙළෙඳපොළවල ක්‍රියාකාරී අපනයනකරු සහ වසරේ නැඟී එන අපනයනකරු වැනි නව සම්මාන කිහිපයක් මෙවර “ජනාධිපති අපනයන සම්මාන උළෙල”ට හඳුන්වා දී තිබීම විශේෂත්වයකි.

නිෂ්පාදන සේවා ආංශික සම්මාන සඳහා “හොඳම අපනයනකරුවා” තෝරාගැනීමේදී අපනයන ආදායමට අමතරව නිර්ණායක කිහිපයක් එක් කර තිබිණ. අපනයන සඳහා අගය එකතු කිරීම, රැකියා උත්පාදනය, වෙළෙඳපොළ විවිධාංගීකරණය, අපනයන ආදායමේ වර්ධනය වැනි නිර්ණායක ඒ අතර වේ.

ජනාධිපතිවරයා අතින් සම්මාන 24ක් ප්‍රදානය කෙරිණ.

පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වූ ඇතැම් ආනයන සීමා වැනි ප්‍රතිපත්තිමය මැදිහත්වීම්වල වාසිදායක ප්‍රතිලාභ අද රටට හිමිව තිබේ. එමගින් නව දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා අවකාශ නිර්මාණය කර ඇත. මෙම නව කර්මාන්ත පෝෂණය කරමින් කෙටිකාලීන ලාභ ඉපැයීම වෙනුවට ගෝලීය වශයෙන් තරගකාරී විය හැකි ගුණාත්මක නිෂ්පාදන බිහි කිරීමට කර්මාන්තකරුවන් ක්‍රියා කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ සඳහා ශ්‍රී ලංකාව සතුව සුවිශේෂී හැකියාවක් පවතින බව සඳහන් කළේය.

හරිත කෘෂි නිෂ්පාදන සහ පිරිසැකසුම්කරණය ක්ෂේත්‍ර සඳහා ආයෝජනයට සුවිශේෂී අවස්ථා ඇති අතර මෙම නිෂ්පාදන සඳහා නව අපනයන වෙළෙඳපොළ අවස්ථා පවති. ශ්‍රී ලංකාව තුළ අගය එකතු කළ භාණ්ඩ ගෝලීය වෙළෙඳපොළට අපනයනය කළහොත් තවත් බොහෝ අපනයන ආර්ථික වටිනාකමක් රට තුළ නිර්මාණය කර ගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු කඩිනමින් විසඳන බවට සහතික වූ ජනාධිපතිවරයා, අපනයන ක්ෂේත්‍රයේ ඉලක්ක යථාර්ථයක් කර ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය අත්වැල් බැඳගෙන ක්‍රියා කළ යුතු බව ද පැවසීය.

ලබන වසරේ සිට පැහැදිලි අපනයන සංවර්ධන සැලැස්මක් යටතේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය, බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ගෙවෙමින් පවතින කාලය තුළ ගෝලීය ආර්ථික අර්බුද හමුවේ අභියෝග රැසක් මැද අපනයන ක්ෂේත්‍රයේ නියැලි පිරිස ඉටුකරන මෙහෙය රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමට ඉවහල් වීඇති බව පෙන්වා දුන් ඇමතිවරයා අපනයනකරුවන් සියලු දෙනාට ප්‍රණාමය පුද කරන බව ද කියා සිටියේය.

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු, වෙළෙඳ සහ අපනයන ක්ෂේත්‍රයේ ආයෝජකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

කොවිඩ් අරමුදලට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් මිලියන 5ක පරිත්‍යාගයක්

Next Post

හානියට පත්වී ඇති දිගන,කුඹුක්කඳුර එල්ලෙන පාලම මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට

editor

editor

Next Post

හානියට පත්වී ඇති දිගන,කුඹුක්කඳුර එල්ලෙන පාලම මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved