27 April 2024
#Uncategorised

හානියට පත්වී ඇති දිගන,කුඹුක්කඳුර එල්ලෙන පාලම මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට

මහනුවර දිස්ත්‍රික්කයේ දිගන කුඹූක්කඳුර ප්‍රදේශයේ මාබේරිතැන්න මාර්ගයේ ඇති දිග අඩි 105ක් සහ අඩි 100ට වඩා උසින් පිහිටි එල්ලෙන පාලම අබලන්ව ඇති බව මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව වෙත විශේෂ කරුණක් වශයෙන් යොමුවීමත් සමග, එහි කඩිනම් නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් එහි පවතින තත්ත්වය විමසීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (26) කටයුතු කළේය.

මෙහිදී මෙම එල්ලෙන පාලම මතින් පාසල් වෙත දරුවන් ගමන් කිරීමේ අනතුරු දායක බැවින් ඔවුන් සඳහා විශේෂ බස් රථයක් යෙදවීමටත්, පාලම අසල ඇති තෙල්දෙණිය පොලිස් ස්ථානය මඟින් තාවකාලික ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සහ ඔරුව මගින් ගමන් පහසුව සලසා ගන්නේනම් ජීවිතාරක්ෂක කබා යොදාගැනීමටත් ක්‍රමවේදයක් සැකසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් ආණ්ඩුකාරවරයා විසින් මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට කුණ්ඩසාල ප්‍රාදේශීය සභා සභාපති රංජර අක්මීමන ඇතුළු දේශපාලන නියෝජිතයන්, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මැණික්හින්න ප්‍රාදේශීය ලේකම්තුමිය, ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ගම් වාසීන් පිරිසක් සහභාගී විය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *