• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සංවර්ධන ගැටලු මසකට වරක් කැබිනට් අමාත්‍යාංශ ලේකම් හමුවී සාකච්ඡා කරන්න – අගමැති

26 October 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සංවර්ධන ව්‍යාපෘති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පවතින ගැටලු හා අපේක්ෂිත වැඩපිළිවෙල සමඟ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මසකට වරක් හමුවී සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගමැතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (25) ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවේ හා විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති හතරක සහ වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ආයතන තුනක දෙවැනි කාර්තුවේ ව්‍යාපෘති ප්‍රගතිය විමසා බැලීම අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවේදිය.

ඒ අනුව අදාළ සාකච්ඡාවල දී ඉස්මතුවන කරුණු ත්‍රෛයිමාසිකව සමාලෝචනය කරමින් සංවර්ධන කටයුතු සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙලක් පවත්වාගෙන යන්නැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

2021 වර්ෂය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට රුපියල් මිලියන 55,452 ක් වෙන්ව තිබෙන බව අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍යවරයගේ උපදෙස් පරිදි අදාළ මුදල් මේ වසර අවසන්වීමට පෙර ව්‍යාපෘති සඳහා වැය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව හෙතම සඳහන් කළේය.

මෙහි දී ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු නිලධාරිහු අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළහ.

වැටුප් ගෙවීමට ඒ ඒ ආයතනවලට ආදායමක් ඇත්නම් ඇබෑර්තු පුරවන්න තහනම් කර නැහැ. අවශ්‍යම අය ගන්න යැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී කියා සිටියේය.

පානදුර නගරය ජලයෙන් යටවීම පාලනයට කිසියම් ව්‍යාපෘතියක් මේ දක්වා සැළසුම් කර නොමැතිවීම ගැන අග්‍රාමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

අනාගතයේ පානදුර නගරය ජලයෙන් යට නොවන්න ව්‍යාපෘතියක් සකස් කර කඩිනමින් ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී උපදෙස් දුන්නේය.

වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය යටතේ දැනට දිස්ත්‍රික්ක හයක වැව් 65ක් හඳුනාගනිමින් කරනු ලබන ප්‍රතිසංස්කරණ කටුයුතු පිළිබඳව ද මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.

අදාළ වැව් 23ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්ව ඇති බව නිලධාරින් මෙහි දී පෙන්වා දුන්නේය. මෙසේ ප්‍රතිසංස්කරණය කරන වැව්වල නාමාවලියක් සහ අදාළ තෝරාගැනීම් කළ අකාරය සඳහන් වාර්තාවක් තමන්ට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය.

කාර්යය මණ්ඩල බඳවා ගැනීමේ දී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කඩිනම් අවධානය යොමු කර ගැනීමට ද මෙහි දී යෝජනා විය.

නෞකා මගින් සිදුවන සමුද්‍රයීය දූෂණය වැළැක්වීම සියයට 65ක් පමණ ප්‍රගතිය දක්වා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය මෙහි දී පැවසුවාය.

එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට වූ හානිය පිළිබඳව ද මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

මෙම නෞකා අනතුරෙන් වූ හානිය සම්බන්ධයෙන් අදාළ අධිචෝදනා පත්‍රය නීතිපති දෙපාර්තමේන්තුවේ සහය ඇතිව කඩිනමින් ඉදිරිපත් කරන බව ලහඳපුර මහත්මිය පැවසුවාය.

අදාළ නෞකා අනතුරෙන් වූ පරිසර හානිය ගණනය කරමින් වන්දි ලබා ගැනීමට අනුගතවීම සඳහා ලන්ඩන් සීපාස් ආයතනයට ජල හා ප්ලාස්ටික් සාම්පල් යවා ඇති බවත් ප්‍රංශයේ සෙඩ්රි ආයතනයට ජෛව සාම්පල් යවා ඇති බවත් මෙහි දී හෙළි විය.

මේ සම්බන්ධයෙන් මහාචාර්යවරුන් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් පත්කළ 40දෙනෙකුගෙන් යුතු විද්වත් කමිටුව මූලික විද්වත් කමිටු වාර්තාව ලබන නොවැම්බර් මාස 30වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ලහඳපුර මහත්මිය හෙළි කළාය.

මෙයට අමතරව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් දෙපාර්තමේන්තුව 2021 වසරේ ව්‍යාපෘති 40ක් හඳුනාගෙන ඉන් 14ක් නිම කර තිබේ.

ප්‍රගති සමාලෝචනය අවසානයේ අග්‍රාමාත්‍යතුමා අතින් ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුතු මුල්‍යවාර්තා ආකෘති පත්‍රය ඒ ඒ ආයතන ප්‍රධානීන්ට ලබා දුන්නේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ.එල්.ඒ විජේසිරි, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.එස්.බී යාලෙගම, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරාන්සා කළුතන්ත්‍රි, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.පී.එම් රත්නායක, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී(සැලසුම්)ආර්.සී ප්‍රනාන්දු මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 4
Previous Post

සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසන්න ශිරන්ති රාජපක්ෂ යයි

Next Post

අපි ආයෝජන කරද්දි විකුණනවැයි කියා විපක්ෂය බොරු ප්‍රචාර ගෙනියනවා – රාජ්‍ය අමාත්‍ය ලාන්සා

editor

editor

Next Post

අපි ආයෝජන කරද්දි විකුණනවැයි කියා විපක්ෂය බොරු ප්‍රචාර ගෙනියනවා - රාජ්‍ය අමාත්‍ය ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved