• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුව Green Climate Fund සහතිකකරණය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික ආයතනය බවට පත්වෙයි

14 August 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික ආයතනය බවට පත්වීමට පසුගියදා සමත් විය.

මෙමගින් DFCC බැංකුවට ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ව්‍යාපෘතිවලට සහනදායී මූල්‍ය සේවාවන් සැපයීම සඳහා GCF වෙතින් එක් ව්යාපෘතියක් උදෙසා ඇමරිකානු ඩොලර් 250 ක් දක්වා මූල්‍ය පහසුකමක් හිමි වේ. ඉතා දැඩි සමීක්ෂණ ක්‍රියාවලියකින් අනතුරුව මෙම සහතිකකරණය හිමිකරගැනීමට DFCC බැංකුව සමත් වූ අතර, ලොව දේශගුණ විපර්යාස අවම කරමින් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමට කැප වී සිටින ජාත්‍යන්තර, කලාපයීය හා දේශීය සමාගම් හා ආයතන 118 ක් මේ වනවිට මෙම සහතිකකරණය හිමිකරගෙන ඇත. මෙම ගෞරවණීය සමාගම් හා ආයතන ලැයිස්තුවට ඇතුළත් වීමත් සමග, තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍යකරණයේ පුරෝගාමියෙකු ලෙස DFCC බැංකුව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු වනු ඇත.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සම්මුතිය (United Nations Framework Convention on Climate Change – UNFCCC) යටතේ රටවල් 194 ක දායකත්වයෙන් 2010 වසරේදී GCF අරමුදල ස්ථාපිත කරන ලදි. දේශගුණ විපර්යාස සම්බන්ධ අභියෝගවලට මුහුණදීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට අත්වැලක් වීම මෙහි මූලික අරමුණ විය. මෙම අරමුදල, දේශගුණ විපර්යාසවල බලපෑම්වලින් වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙන අතර, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ දේශගුණික අභියෝගයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි.

“මෙරට Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් පළමු බැංකුව බවට පත්වීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ තිරසාර ක්‍රමෝපාය යටතේ, සියලුම දෙනා වෙනුවෙන් අභියෝගවලට ඔරොත්තු දිය හැකි ලෝකයක් නිර්මාණය කිරීමට අප දක්වන උනන්දුව හා කැපවීම මෙමගින් නැවතත් සනාථ වනවා. මේ යටතේ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරමින්, ශ්‍රී ලංකාව මුහුණ දෙන දේශගුණික අභියෝග ජයගැනීමට අත්වැලක් වීම ඉලක්ක කරගත් ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සැලසීමට අප දැන් සූදානම්.” DFCC බැංකුවේ සභාපති ජේ. දුරෙයිරත්නම් මහතා පැවසී ය.

“ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වයන්ට සහ ආපදාකාරී කාලගුණික තත්ත්වයන්ට මුහුණ පා සිටිනවා. සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණය සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමට උපකාර කිරීම වෙනුවෙන් කැප වූ ලොව විශාලතම දේශගුණික අරමුදල ලෙස අපට ශ්‍රී ලංකාවේ පළමු වරට DFCC බැංකුව සෘජු ප්‍රවේශ ආයතනයක් (Direct Access Entity) ලෙස පිළිගැනීමට ලැබීම සතුටට කරුණක්. එමෙන්ම මෙය රට පුරා සිටින මිනිසුන් වෙනුවෙන්, අහිතකර වායු විමෝචනයන් අවම වන සහ දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන අනාගතයක් සහතික කිරීම සඳහා උපකාරී වන ඵලදායි හා දීර්ඝකාලීන හවුල්කාරීත්වයක් වනු ඇතැයි කියා අප බලාපොරොත්තු වනවා.” Green Climate Fund හි විධායක අධ්‍යක්ෂ හෙන්රි ගොන්සාලෙස් පැවසීය.

මෙම සහතිකකරණය හිමිවීමත් සමග, දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීම සහ එම විපර්යාස අනුව හැඩගැසීමට අත්වැලක් වීම ඉලක්ක කරගත් ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් පිරිනමමින්, වඩාත් ශක්තිමත් ව්‍යාපාර ගොඩනැංවීමට දායක වීමට DFCC බැංකුවට හැකියාව ලැබේ. මේ යටතේ පරිසර අමාත්‍යාංශය සහ අනෙකුත් අමාත්‍යාංශ, පෞද්ගලික ආයෝජකයින්, ජාතික සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන, සංවර්ධන ආයතන සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් සමග සමීපව කටයුතු කරමින්, ශ්‍රී ලංකාව ජාතියක් ලෙස සාමූහිකව නීර්ණය කරන ලද නිර්ණායක (Nationally Determined Contributions – NDCs) සහ මේ සම්බන්ධ වූ ජාතික සැලැස්ම යටතේ දක්වා ඇති ඉලක්ක සපුරාලීම DFCC බැංකුවේ අරමුණයි.

GCF සහතිකකරණය හිමිකරගැනීම සඳහා, 2020 වසරේදී DFCC ආයතනය මගින් සැලසුම් කර ක්‍රියාවට නංවන ලද තිරසාර සංවර්ධන ක්‍රමෝපායන් බෙහෙවින් වැදගත් විය. මෙම ක්‍රමෝපායන් මගින්, අභියෝගවලට වඩාත් හොඳින් මුහුණ දිය හැකි ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට දායක වීම යන ප්‍රධාන අරමුණ පෙරදැරිව, ඉදිරි දශකය සඳහා DFCC බැංකුවේ තිරසාර ඉලක්ක හඳුන්වා දෙන ලදි. 2030 වර්ෂය වන විට කාබන් විමෝචනය ශූන්‍ය කළ බැංකුවක් මෙන්ම ශ්‍රී ලංකාවේ හරිත මූල්‍ය සේවාවන් සම්බන්ධ පුරෝගාමියෙකු ලෙස ඉදිරියට පැමිණීම DFCC බැංකුවේ බලාපොරොත්තුව වී ඇත. එමෙන්ම සිය තිරසාර වැඩසටහන්වලදී හුදෙක් පරිසර හිතකාමීත්වය පමණක් නොව, පෞද්ගලික, ආයතනික සහ ජාතික මට්ටම්වලින් අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාවද ප්‍රවර්ධනය කිරීමට DFCC බැංකුව මෙම ක්‍රියාවලිය හරහා අරමුණු කරයි.

අතීතයේ පටන්ම DFCC බැංකුව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍ය පහසුකම් සලසමින්, ශ්‍රී ලංකාවේ තිරසාර කටයුතු සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකර තිබේ. 1990 වර්ෂයේ සිට මේ දක්වා DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ග්‍රිඩ් මට්ටමේ ජල විදුලි, සුළං සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති සහ අපද්‍රව්‍යවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිවලට මූල්‍ය පහසුකම් සපයා ඇත. එමෙන්ම ලෝක බැංකුව සහ Global Environment Facility මගින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සැලසූ ව්‍යාපෘති දෙකකටද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් DFCC බැංකුව දායක වූ අතර, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකරන ලද මෙහෙවර වෙනුවෙන් එම ව්‍යාපෘති ලෝක මට්ටමින් ඇගයීමටද ලක් වී තිබේ.

DFCC ආයතනයට මෙම සහතිකකරණය හිමි වීම, ශ්‍රී ලංකාවේ අනාගත තිරසාර සංවර්ධන මෙහෙවරෙහි වැදගත් ඉදිරි පියවරකි. GCF මූල්‍ය පහසුකම ඔස්සේ ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස අවම කිරීමේ ව්‍යාපෘති ශක්තිමත් කරමින්, ප්‍රජාවන් සහ පරිසරය වෙනුවෙන් වඩාත් යහපත් හෙට දවසක් උදාකර දීම DFCC බැංකුවේ අපේක්ෂාව වී ඇත.

2023 ජූලි 10 සිට ජූලි 13 දක්වා දකුණු කොරියාවේ Songdo Incheon හිදී පැවති 36 වන Green Climate Fund මාණ්ඩලික රැස්වීමේදී DFCC ආයතනය අදාළ සහතිකකරණය පිරිනැමීමේ යෝජනාවට අනුමැතිය හිමි විය.

 

පිටපත – PR

Post Views: 4
Previous Post

13 ගැන පාඨලිලේ පක්ෂය මතය ජනපතිට

Next Post

සීගිරිය සංචාරක කලාපයේ වැඩිදියුණු කිරීමට ඇමරිකන් ඩොලර් මිලියන 15ක් – නාගරික සංවර්ධන අමාත්‍යංශය

editor

editor

Next Post

සීගිරිය සංචාරක කලාපයේ වැඩිදියුණු කිරීමට ඇමරිකන් ඩොලර් මිලියන 15ක් - නාගරික සංවර්ධන අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved