27 April 2024
#සංවර්ධන

සීගිරිය සංචාරක කලාපයේ වැඩිදියුණු කිරීමට ඇමරිකන් ඩොලර් මිලියන 15ක් – නාගරික සංවර්ධන අමාත්‍යංශය

සංචාරක කර්මාන්තයෙන් රටට විශාල ආදායමක් උත්පාදනය කරනු ලබන සිගීරි ආශ්‍රිත කලාපයේ සංවාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවරගෙන තිබේ.

සීගිරිය ආශ්‍රිත කලාපය සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීම, ග්‍රාමීය සංවර්ධනය, ආදායම් උත්පාදනය හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ඩොලර් මිලියන 15ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය යටතේ සීගීරිය නව ගම්මාන රථගාල හා සාප්පු සංකීර්ණය , සියවස් මාර්ගය, සීගිරිය කෞතුකාගාරය, විදේශීකයන්ගේ රථගාල, පිවිසුම් මාර්ග සංවර්ධනය මෙන්ම පිදුරංගල ආශ්‍රිත ප්‍රදේශය, කලුදිය පොකුණ, මාපාගල ආශ්‍රිත ප්‍රදේශ සංරක්ෂණය මෙන්ම රාම කැලේ සිට පිදුරංගල දක්වා උරුම මාවත සංරක්ෂණය කිරීමට නියමිතය. මෙයට සමගාමීව සීගිරිය වැව විශාල සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි සංවර්ධනය කිරීම මෙන්ම ගලේවෙල වැව හා ඉනාමලුව වැව ආශ්‍රිත ප්‍රදේශ සංවර්ධනය කිරීමටද නියමිතය.

මීට අමතරව දඹුල්ල දිගම්පතහා කසල කළමනාකරණ ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් මෙම සංවර්ධන සැලැස්මට ඇතුලත්වේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් පසුගිය දා පැවැති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කිරීම සදහා කළ ඉදිරිපත් කිරීමේදී මෙම තොරතුරු අනාවරණය විය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *