• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

DFCC බැංකුවට ACEF Asian Leaders සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි වේ

20 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව, මෑතකදී සමාජ මාධ්‍ය හරහා දියත් කළ අතිශය සාර්ථක අලෙවිකරණ වැඩසටහනක් වෙනුවෙන් එම බැංකුවට පසුගියදා පැවති 11 වැනි ACEF Asian Leaders සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි විය. දකුණු ආසියානු රටවල් අතරින්, විශිෂ්ටතම සමාජ මාධ්‍ය අන්තර්ගතය (YouTube සහ Facebook) යන කාණ්ඩය යටතේ මෙම සම්මානය හිමි විය.

මෙලෙස ඇගයීමට ලක්වූයේ, පාරිභෝගික සේවා සතිය වෙනුවෙන් DFCC බැංකුව සමාජ මාධ්‍ය හරහා ඉදිරිපත් කළ සුවිශේෂී නිර්මාණාත්මක කෙටි චිත්‍රපටයයි. YouTube සහ Facebook ඔස්සේ ප්‍රදර්ශනය කළ මෙම කෙටි චිත්‍රපටය, ලොව පුරා පැතිරී ගිය COVID-19 වසංගත තත්ත්වය පිළිබඳව සුවිශේෂී කතා පුවතක් අනුසාරයෙන් නිර්මාණය කර තිබිණි.

සංවර්ධන බැංකුවක සීමාවන්ගෙන් ඔබ්බට යමින් DFCC බැංකුව මේ වනවිට පූර්ණ-සේවා වාණිජ බැංකුවක් ලෙස, සාර්ථක අන්දමින් සමාජයේ සියලුම කාණ්ඩයන්ට අයත් පුද්ගලයන්ට මූල්‍ය සේවාවන් සපයමින් සිටින බවට මෙම සම්මානය සාක්ෂි දරයි. නවෝත්පාදනය මූලික කරගත් පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් පිරිනැමීමට අමතරව, සිය ගනුදෙනුකරුවන් සමග සමීප සම්බන්ධතාවක් ගොඩනංවා ගැනීමටද DFCC බැංකුව සමත් වී ඇත.

මෙම කෙටි චිත්‍රපටය මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයට සුවිශේෂී අත්දැකීමක් විය. එයට ප්‍රධානතම හේතුව වූයේ එය ගනුදෙනුකරුවන්ගේ හදවතට සමීප පණිවිඩයක් මූලික කරගත් සංවේදී නිර්මාණයක් වීම ය. අර්බුදකාරී කාලසීමාවක් තුළ තම ගනුදෙනුකරුවන්ට අත්වැලක් වීම සඳහා DFCC බැංකුව කැප වූ ආකාරය මෙම කෙටි චිත්‍රපටය මගින් පෙන්වා දෙන ලද අතර, විවිධ නිර්මාණාත්මක තාක්ෂණික ක්‍රමයෝග භාවිතා කර සාර්ථක ලෙස මෙය එළිදක්වන ලදි.

සත්‍ය කථාවක් පදනම් කරගත් මෙම කෙටි චිත්‍රපටය, ගනුදෙනුකරුවන් සෑම විටම තම බැංකු සේවා අවශ්‍යතාවන් සඳහා DFCC බැංකුව කෙරෙහි විශ්වාසය තබන ලද ආකාරයද පෙන්වා දෙයි. මෙම විශ්වාසය රකිමින්, ගනුදෙනුකරුවන්ගේ අදහස් හා ප්‍රතිචාර අනුව තම සේවාවන් වැඩිදියුණු කරමින්, ඔවුන් අපේක්ෂා කරන මට්ටමටත් වඩා ඉහළ සේවාවක් සැපයීමට DFCC බැංකුව සෑම විටම කැප වී සිටී.

මෙම නිර්මාණයේ අර්ථවත්භාවය නිසා ඉලක්කගත ප්‍රේක්ෂක පිරිස එය මැනැවින් ග්‍රහණය කරගත් අතර, ඒ නිසාම එය මෙම ප්‍රචාරණ වැඩසටහනේ ප්‍රධාන පණිවිඩය මෙන්ම, DFCC සන්නාම නාමයේ මූලික වටිනාකම් ප්‍රේක්ෂකයන් අතරට ගෙන යමින්, DFCC බැංකුවට සුවිශේෂී ප්‍රචාරණයක් ලබාදීමට සමත් විය. මේ සියලු සාධක නිසා එම ප්‍රචාරණ වැඩසටහන ඊට අදාළ සියලු ඉලක්ක සහ මූලික කාර්යසාධන දර්ශකයන් සපුරාලූ අතර, ඒ අනුව 11 වැනි ACEF Asian Leaders සම්මාන උළෙලේදී විශිෂ්ටතම සමාජ මාධ්‍ය අන්තර්ගතය වෙනුවෙන් වූ රන් සම්මානය දිනාගැනීමට DFCC බැංකුවට හැකියාව ලැබිණි.

DFCC බැංකුවේ උප සභාපතිනි (අලෙවි හා තිරසාරත්ව) නිල්මිණි ගුණරත්න මහත්මිය මෙසේ අදහස් පල සිටියේය “සත්‍ය කතාවක් ඇසුරින් කෙටි චිත්‍රපටයක් ලෙස නිර්මාණය කළ මෙරට ප්‍රථම බැංකුව බවට පත්වීම අපට මහත් ආඩම්බරයක්. මෙයට අපගේ ගනුදෙනුකරුවන් ඇතුළුව සියලුම දෙනාගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුණා. අපට අවශ්‍ය වුණේ අපගේ පුළුල් අලෙවිකරණ ක්‍රමෝපායේ කොටසක් වශයෙන්, සුවිශේෂී නිර්මාණයක් සිදුකිරීමටයි. එම නිසා සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට යමින්, සංවේදී නිර්මාණයක් එළිදැක්වීමට අපට හැකි වුණා. එමෙන්ම එහි අව්‍යාජත්වය සහ අර්ථවත්භාවය නිසා, අප සැබැවින්ම ඔවුන් ගැන සංවේදී වන බව අපගේ ගනුදෙනුකරුවන් වටහා ගත්තා. එය DFCC බැංකුව කවදත් ප්‍රමුඛත්වය දෙන මූලධර්මයක් වන පාරිභෝගික-කේන්ද්‍රීයත්වය ඔස්සේ අප ලබාදෙන විශිෂ්ට සේවාව මෙන්ම, එම සේවාව ලබන ගනුදෙනුකරුවන්ගේ සුවිශේෂීත්වය සැමරීමට ලැබුණු අගනා අවස්ථාවක්. මේ සම්මානය අපට ලැබුණු සුවිශාල ගෞරවයක් ලෙස අප දකිනවා. එමෙන්ම මෙම සම්මාන උළෙල සංවිධානය කළ සියලුම දෙනාටත්, අපගේ ගනුදෙනුකරුවන්ටත්, අපගේ සාර්ථකත්වයට නන් අයුරින් දායක වූ අනෙකුත් සියලුම දෙනාට අපගේ ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” DFCC බැංකුවේ උප සභාපතිනි (අලෙවි හා තිරසාරත්ව) නිල්මිණි ගුණරත්න මහත්මිය පැවසුවා ය.

 

පිටපත – PR

Post Views: 1
Previous Post

මඬ පොහොර නැව ලබන මාසයේ මෙරටට -ඇමැති අමරවිර

Next Post

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දීය රජයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දීය රජයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved