• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුවේ නිල වෙබ් අඩවිය යළිත් සම්මානයට පාත්‍රවෙයි

18 September 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුවේ වෙබ් අඩවියට පසුගියදා පැවති BestWeb.LK 2023 සම්මාන උළෙලේදී බැංකු සහ මූල්‍ය සේවා කාණ්ඩය යටතේ රිදී සම්මානයක් හිමි විය.

DFCC බැංකුවට අඛණ්ඩව BestWeb.LK සම්මාන හිමි වූ 4 වැනි අවස්ථාව මෙය වන අතර, මෙය ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් DFCC බැංකුව අත්කරගෙන ඇති ප්‍රගතියට මනා සාක්ෂියකි. LK Domain Registry ආයතනය මගින් BestWeb.LK සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

සාම්ප්‍රදායික ක්‍රමවේදයන් ඉක්මවා යමින් නවීන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම ලෙස සේවාවන් සැපයීමට DFCC බැංකුව දරන උත්සාහය සාර්ථක වී ඇති බව මෙම ඇගයුම මගින් තවදුරටත් තහවුරු වේ. නවීනතම තාක්ෂණය භාවිතයෙන්, ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත. හුදෙක් බැංකු සේවාවන් සපයන වෙබ් අඩවියක සීමාවෙන් ඔබ්බට ගොස් මෙම වෙබ් අඩවිය මේ වනවිට ගනුදෙනුකරුවන්ගේ බහුවිධ අවශ්‍යතාවන් සපුරාලන සේවාවක් බවට පත් වී තිබේ.

“නැවත වරක් BestWeb.LK සම්මානයකින් පිදුම් ලැබීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ වෙබ් අඩවිය අලංකාරයත් කාර්යක්ෂමතාවත් එක්තැන් කළ නිර්මාණයක් ලෙස හැඳින්විය හැකියි. කොයි කාටත් පහසුවෙන් භාවිතා කළ හැකි ලෙස එය සැලසුම් කර තිබෙනවා. එමෙන්ම සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට නවමු ඩිජිටල් අත්දැකීමක් තිළිණ කිරීම සඳහා එය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම භාවිතා කිරීමට හැකි පරිදි සැලසුම් කිරීමට අප පියවර ගත්තා.” DFCC බැංකුවේ උප සභාපති (ඩිජිටල් ක්‍රමෝපාය) දිනේෂ් ජෙබමනි මහතා පැවසී ය.

මෑතකදී DFCC බැංකුවේ වෙබ් අඩවියට නව අංග කිහිපයක්ද ඇතුළත් කරන ලදි. අන්තර්ක්‍රියාකාරී ආකෘති පත්‍ර සහ පාරිභෝගික කේන්ද්‍රීය ක්‍රමවේදයක් ඔස්සේ ගනුදෙනුකරුවන්ට බැංකුවේ සේවාවන් සඳහා ලියාපදිංචි වීම පහසු කරවීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. වයස් භේදයකින් තොරව කාටත් තම බැංකු සේවා අවශ්‍යතාවන් ඉටුකරගැනීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණ විය. එමෙන්ම, වෙබ් අඩවියේ අන්තර්ගතය සම්බන්ධ මාර්ගෝපදේශයන්ට සමගාමීව භාෂා තුනෙන්ම සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබීම, විවිධත්වය හා අන්තර්කරණය වෙනුවෙන් DFCC බැංකුව දක්වන කැපවීමට මනා සාක්ෂියකි. මීට අමතරව ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා මූල්‍ය සේවා මෙවලම් රැසක්ද මෙම වෙබ් අඩවියට ඇතුළත් කර තිබේ.

ගනුදෙනුකරුවන්ට පමණක් නොව වෙබ් අඩවියට පිවිසෙන ඕනෑම කෙනෙකුට තම ආදායම් බදු, නිවාස ණය, ලීසිං ඇතුළු අනෙකුත් පහසුකම් සම්බන්ධ ගණනය කිරීම් සිදුකිරීම පහසු කරවන මූල්‍ය ගණක මෙවලම් කිහිපයක්ද DFCC බැංකුවේ වෙබ් අඩවියට ඇතුළත් ය. එමෙන්ම මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සඳහා බැංකුව දරන උත්සාහය යටතේ, පරිශීලකයන්ට මූල්‍ය සේවාවන් සම්බන්ධ දැනුම ලබාදෙන සම්පත් රැසක්ද මීට ඇතුළත් කර ඇත. තවද DFCC බැංකුවේ වෙබ් අඩවිය, ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා වෙබ් අඩවි අතරින් වඩාත් සුරක්ෂිත හා කාර්යක්ෂම ලෙස ඩිජිටල් ක්‍රමයට ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කළ මුල්ම වෙබ් අඩවි අතරින් එකක් ලෙස සැලකේ.

ආයතනික වෙබ් අඩවියක සීමාවන්ගෙන් ඔබ්බට යමින්, පරිශීලකයන්ට දැනුම ලබාදෙන බ්ලොග් ලිපි, සමාජ මාධ්‍ය ලිපි සහ වෙනත් තොරතුරු මූලාශ්‍ර රැසක්ද DFCC බැංකුවේ වෙබ් අඩවියට ඇතුළත් කර ඇත. DFCC බැංකුවේ සේවාවන් පිළිබඳව පුළුල් පරාසයක පැතිරුණු වැදගත් ආයතනික තොරතුරු රැසක් ලබාදෙන මෙම වෙබ් අඩවියේ ආරක්ෂාව සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබේ. දත්තවල ආරක්ෂාව වෙනුවෙන් SSL encryption භාවිතා කරන මෙම වෙබ් අඩවිය, මෙරට බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වඩාත්ම පුරෝගාමී වෙබ් අඩවි අතරින් එකක් ලෙස සැලකේ.

DFCC බැංකුවේ වෙබ් අඩවියට BestWeb.LK Awards 2023 හිදී සම්මාන හිමි වීමට ඉහත සඳහන් සාධක සියල්ල බලපා ඇත. ඉදිරියටත් නවීනතම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයට නව ආදර්ශ සපයමින්, සුවිශේෂී ඩිජිටල් බැංකුකරණ ක්‍රමවේදයන් ඔස්සේ තවත් බොහෝ දෙනෙකුට තම සේවාවන් සමීප කරවීම DFCC බැංකුවේ අරමුණ වී තිබේ.

පිටපත – PR

Post Views: 12
Previous Post

ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම මගහරවා ගැනීමට කඩිනම් යෝජනා 13 ක් ජනපතිට – ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද

Next Post

IIRM LANKA Insurance Brokers Private Limited හි වෙළඳපල කොටස් වර්ධනයක්

editor

editor

Next Post

IIRM LANKA Insurance Brokers Private Limited හි වෙළඳපල කොටස් වර්ධනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

21 October 2025
උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

21 October 2025
හරින්ට තනතුරක් !

හරින්ට තනතුරක් !

21 October 2025
පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

21 October 2025

Recent News

දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

21 October 2025
උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

21 October 2025
හරින්ට තනතුරක් !

හරින්ට තනතුරක් !

21 October 2025
පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

21 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

21 October 2025
උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

21 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved