27 April 2024
#ව්‍යාපාර

IIRM LANKA Insurance Brokers Private Limited හි වෙළඳපල කොටස් වර්ධනයක්

IIRM LANKA Insurance Brokers Private Limited නොහොත් IIRM ලංකා රක්‍ෂණ තැරව්කාර පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා රක්‍ෂණ කර්මාන්තයේ කැපී පෙනෙන වෙළඳපල කොටස් වර්ධනයක් අත්කර ගනී.

2023 – IIRM Lanka Insurance Brokers Private Limited දිගු කාලීන සහ සාමාන්‍ය රක්‍ෂණ අංශ දෙකෙහිම ආකර්ෂණීය වෙළඳපල කොටසක් ලබා ගනිමින් ශ්‍රී ලාංකේය රක්‍ෂණ වෙළෙඳපොළ තුළ සිය විශිෂ්ට ජයග්‍රහණය සාඩම්බරයෙන් නිවේදනය කරයි. IIRM Lanka Insurance Brokers Private Limited දිගුකාලීන රක්ෂණ අංශයේ 21.13% ක වෙළඳපල කොටසකට සහ සාමාන්‍ය රක්‍ෂණ ව්‍යාපාරයේ 6.34% ක වෙළඳපල කොටසකට හිමිකම් කියයි. ඒ සමගම 7.79% ක සමස්ත වෙළඳපල කොටසක් හෝ රුපියල් 3,182,976,000 ක වටිනාකමක් ඔවුනට හිමිවන බව ශ්‍රී ලංකා රක්‍ෂණ නියාමන කොමිෂන් සභාව විසින් සම්පාදනය කරනු ලබන සහ නිකුත් කෙරූ සංඛ්‍යාන සමාලෝචන 2022 වාර්තාව හෙලි කරයි. මෙම සංඛ්‍යා 2023 සැප්තැම්බර් මාසයේදී රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ රක්‍ෂණ තැරැව්කාර කර්මාන්තයේ ප්‍රමුඛතමයා වශයෙන් IIRM Lanka Insurance Brokers Private Limited, විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය සඳහා කැපවීමක් නිරතුරුව පෙන්නුම් කර ඇත.මෙම කැපී පෙනෙන වෙළඳපල කොටස් වර්ධනය තම ගනුදෙනුකරුවන්ට ඉහළම මට්ටමේ වෘත්තීයභාවය සහ විශේෂඥභාවයෙන් සේවය කිරීමට සමාගම දක්වන කැපවීම පිළිබඳ සාක්ෂියකි.

IIRM Lanka Insurance Brokers Private Limited දිගු කාලීන රක්ෂණ අංශයේ වෙළඳපල නායකත්වය දක්වා ඇති සුවිශේෂී ගමන, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ විකාශනය වන රක්ෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා එහි නොසැලෙන කැපවීම පිළිබිඹු කරයි. 21.13% ක වෙළඳපල කොටස සමඟින්, සමාගම පුළුල්, විශ්වාසදායක සහ දැරිය හැකි දිගු කාලීන රක්ෂණ විසඳුම් සොයන පුද්ගලයන් සහ පවුල් සඳහා තේරීම බවට පත්ව ඇත.

සාමාන්‍ය රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ඉහළ තරගකාරී ලෝකය තුළ, IIRM Lanka Insurance Brokers Private Limited 6.34% ක සැලකිය යුතු වෙළඳපල කොටසක් අත්පත් කරගනිමින් බලවත් ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියට පැමිණ ඇත. මෙම ජයග්‍රහණයට හේතු වී ඇත්තේ වෙනස් වන වෙළඳපල ගතිකතාවයන්ට අනුවර්තනය වීමට සමාගමට ඇති හැකියාව, අවදානම් කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කිරීම සහ වටිනාකම මත පදනම් වූ රක්ෂණ විසඳුම් ලබා දීමට ඇති කැපවීමයි.

“සාමාන්‍ය රක්‍ෂණ ව්‍යාපාරයේ අපගේ සාර්ථකත්වය, අවධානම් තක්සේරුව, ප්‍රතිරක්‍ෂණය සහ හිමිකම් කළමනාකරණය පිළිබඳ අපගේ විශේෂඥතාව අවධාරනය කරයි” යනුවෙන් නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ග්‍රෙහම් ලැබ්රෝයි මහතා අදහස් දැක්වීය.

“අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ වත්කම්, ව්‍යාපාරික අවශ්‍යතා සහ මනසේ සාමය ආරක්ෂා කරන ගැලපෙන රක්ෂණ ආවරණයක් ලබා දීම ගැන අපි ආඩම්බර වෙමු.” ඔහු වැඩිදුරටත් පැවසීය.

පිටපත – PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *