• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනයට  ‘ධීවර සුව සවිය’ ආරම්භ කරනවා – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත 

24 January 2024
in දේශීය, පුවත්
ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනයට  ‘ධීවර සුව සවිය’ ආරම්භ කරනවා – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත 
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය නඟාසිටුවීම වෙනුවෙන් ‘ධීවර සුව සවිය’ නමින් නව වැඩසටහනක් ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙම වැඩසටහනෙහි පළමු අදියර මෙම මස 26 වැනිදා වෙන්නප්පුව, වැල්ලමංකරය ධීවර වරායෙන් ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “ ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් ලෙස ධීවර කටයුතු සඳහා මුහුදට ගොස් සිටියදී රෝගාතුර වීම හඳුනාගෙන තිබෙනවා. ධීවරයන් හදිසියේ රෝගාතුර වූ විට ඔවුන් සඳහා ප්‍රථමධාර ප්‍රතිකාර ලබා දෙන්න කෙසේද යන්න පසුගිය කාලය පුරා අත්දුටු ගැටලුවක්ව තිබෙනවා. ඇතැම් රෝගාතුර වූ ධීවරයෙන් සඳහා ප්‍රතිකාර ලබාදීමට රැකියාව සිදු කළ ප්‍රදේශය ආසන්නයේ පිහිටි විදේශ රටවල සහය ලබා ගැනීමට ද සිදුවුණා. එමෙන්ම ඇතැම් රෝගාතුර වූ ධීවරයන් කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වන නිසා ඒ සඳහා ද අති විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. ඒ වගේම මුහුදේදී රෝගාතුර වූ ධීවරයන් මියයෑම ඉතාම ඛේදනීය තත්ත්වයක් බව ද කිව යුතුයි. ධීවරයකු යාත්‍රාව තුළ මියගිය අවස්ථාවලදී මෙන්ම රෝගාතුර වූ අවස්ථාවලදී යාත්‍රාවට ධීවර කටයුතු සිදු කිරීමට අවකාශ ලැබෙන්නේ නැහැ. එම කටයුතු නවතා ඔවුන්ට නැවත බිමට ඒමට සිදු‍ ‍වනවා. එනිසාම මත්ස්‍ය අස්වැන්න ද අහිමිව දැඩි ආර්ථික අලාභයකට මුහුණ දීමට ද ඔවුන්ට සිදුවෙනවා. එම බලපෑම ධීවරයන්ට පමණක් නොව, අපනයන ආදායමට මෙන්ම දේශිය මත්ස්‍ය පරිභෝජනයටද විශාල බලපෑමක් එල්ල කරනවා. තවද ධීවරයෙක් මිය ගිය විට එම ධීවර පවුලේ ආදායම් මාර්ගය සම්පූර්ණයෙන්ම ඇනහිටිනවා. පවුල්වල පිරිස් ද අසරණ තත්ත්වයට පත් වෙනවා. මේ සඳහා ස්ථිරසාර වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය දීර්ඝ කාලයක සිටම පැවතුණා. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන ධීවර ප්‍රජාවගේ සෞඛ්‍ය සුබසාධනය නඟාසිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන සුවිශාලතම වැඩසටහනක් ලෙස ‘ධීවර සුව සවිය’ හඳුන්වන්න පුළුවන්. එම වැඩසටහනෙහි පළමු අදියර එළැඹෙන ජනවාරි 26 වෙන්නප්පුව, වැල්ලමංකරය ධීවර වරායේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනවා.

මෙම වැඩසටහන යටතේ සියලු ධීවරයන් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයන්ට ලක් කර වෛද්‍ය සහතිකයක් ලබාදීමටද කටයුතු කරනවා. මේ සඳහා සෑම ධීවර වරායක් ආශ්‍රිතව පිහිටා ඇති රජයේ රෝහලක් නම් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම වෛද්‍ය සහතිකය වසර දෙකක කාලයක් සඳහා වලංගු වනවා. අදාළ ධීවරයා විසින් සෑම වසර දෙකකට වරක් තම වෛද්‍ය සහතිකය ලබාගත යුතුයි. පළමුව බහුදින යාත්‍රාවල නියමුවන් ද, ඉන් අනතුරුව බහුදින යාත්‍රාවල කාර්ය මණ්ඩලයද, අනතුරුව දිවයිනේ සිටින සියලු ධීවරයන්ද මෙමඟින් ආවරණය කිරීමට අපේක්ෂා කරනවා. සියලු ධීවරයන් සඳහා ප්‍රථමාධාර පිළිබඳ පුහුණුවක් ලබාදී සහතිකයක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඒ මුහුදු ගොස් සිටියදි යම් ධීවරයකු හට අසනීප තත්ත්වයක් ඇති වුවහොත් සෙසු ධීවරයන් විසින් ඔහුට හදිසි ප්‍රථමාධාර ලබාදීම සිදුකළ යුතු නිසයි. ඒ වෙනුවෙන් ධීවර කාර්මිකයන්ට ප්‍රථමාධාර පුහුණුවක් ලබාදීම අත්‍යවශ්‍යයි. පුහුණුව ක්‍රමානුකූලව සම්පූර්ණ කිරීමත් සමඟම සෑම යාත්‍රාවකම අවම වශයෙන් එක් අයකුවත් මෙම ප්‍රථමධාර පුහුණුව ලැබූවකු සමඟ රැකියාව සඳහා පිටත් කිරීමට අපේක්ෂා කරනවා. මෙම පුහුණු වැඩසටහන ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය බළකාය විසින් සිදු කරනු ලබනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත මුහුදේදී ඇතිවන හදිසි අවස්ථාවකදී අවශ්‍ය විය හැකි ඖෂධ සහ උපකරණ අඩංගු ප්‍රථමාධාර කට්ටලයක් සෑම යාත්‍රාවකම ස්ථාපිත කිරීම ද මේ යටතේ සිදු කරනවා. මෙම සමස්ත ක්‍රියාවලිය සම්පූර්ණ වීමත් සමඟම නිරෝගී, සෞඛ්‍යමත් ධීවර කාර්මිකයකු රැකියාවට යැවීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම හදිසි ප්‍රථමාධාර ලබාදීම හරහා ඔවුන්ගේම ජීවිත අවදානම අවම වෙනවා. මෙතෙක් කල් රෝගී වූ ධීවරයන් රැගෙන ඒමට දැරූ පිරිවැය අඩු කර ගැනීමට ද හැකියාව ලැබෙනවා. ධීවර අමාත්‍යංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 171
Previous Post

සියයට අනුවක්වම අසත්‍ය ප්‍රකාශ කරන්නේ සමාජ මාධ්‍ය බව මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන කියයි

Next Post

හදිසි අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් මරුට

editor ttvnews

editor ttvnews

Next Post
හදිසි අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් මරුට

හදිසි අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved