27 April 2024
#දේශීය #පුවත්

හදිසි අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් මරුට

කටුනායක අධිවේගී මාර්ගයේ අද (25) අලුයම සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියගොස් ඇති බව පොලිසිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ අතර රථය ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී ඇති බව පොලිසිය සිදු කල මුළීක විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *