• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර යළි සෘජු ගුවන් ගමන් ඇරඹේ

31 October 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වසර 06 කට පසු ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර යළි සෘජු ගුවන් ගමන් ඇරඹුණු බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව අද අළුයම 01 ට UL 563 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර Charles De Gaulle ගුවන් තොටුපළට පිටත්ව ගියේය.

සෑම සතියකම බදාදා, සිකුරාදා සහ ඉරිදා කටුනායක ගුවන්තොටුපළේ සිට පැරිස් Charles De Gaulle ගුවන් තොටුපළ දක්වා ශ්‍රී ලංකන් ගුවන් යානයක් ගමන් කරන අතර එදිනම සවස ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාව බලා තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර මුලින්ම සෘජු ගුවන් ගමන් ආරම්භ කෙරුණේ 1980 දීයි. පසුව 2015 වසරේ දි මෙම සෘජු ගුවන් ගමන් නතර කෙරුණි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ලෝකයේ විවිධ ගමනාන්ත කරා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ.

කොළඹ සහ ප්‍රංශයේ පැරිස් නුවර අතර අද අළුයම මෙම සෘජු ගුවන් ගමන් ආරම්භ කෙරුණේ ඒ අනුවයි. කටුනායක ගුවන් තොටුපළේ සිට ප්‍රංශයේ පැරිස් නුවර Charles De Gaulle ගුවන් තොටුපළට ගමන් කිරීමට පැය 10 කට ආසන්න කාලයක් ගතවේ. පළමු ගුවන් ගමන සදහා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ගුවන් තොටුපළ හා අපනයන සැකසුම් කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම නිමිත්තෙන් කටුනායක ගුවන්තොටුපළේ සෙරන්ඩිබ් ශාලාවේ දි චාම් උත්සවයක් පැවැත්වුණි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහි දි කියා සිටියේ ඉදිරියේ දි නව ගමනාන්ත රැසකට සෘජු ගුවන් ගමන් ආරම්ඵ කිරිමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා ඇති බවයි.

මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවාව අත්‍යවශ්‍යය බව පෙන්වා දුන් ඇමතිවරයා මෙරට ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය දියුණු කිරිම රජයේ අපේක්ෂාව බව ද කීවේය.

 

Post Views: 2
Previous Post

නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තා 02ක්

Next Post

රාජ්‍ය ඇමැති දයාසිරිට ගෞරව සම්මානයක් හිමිවෙයි

editor

editor

Next Post

රාජ්‍ය ඇමැති දයාසිරිට ගෞරව සම්මානයක් හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved