27 April 2024
#දේශීය

රාජ්‍ය ඇමැති දයාසිරිට ගෞරව සම්මානයක් හිමිවෙයි

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට තිරසාර සංවර්ධන ඉලක්ක සදහා ආදර්ශමත් නායකත්වය සහ පරාර්ථකාමී නායකත්වය සදහා සිය කාලය කැපකිරීම වෙනුවෙන් පිදෙන ගෞරව සම්මානය හිමිව තිබේ.

ඒ, භාරතයේ 11 වන ජනපති ආචාර්ය අවුල් පකීර් ජයිනුලබ්දීන් අබ්දුල් කලාම් මහතාගේ 90 වන ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කර තිබු ඉන්දියාවේ “ලීඩ් ඉන්දියා පදනම” විසින් සෞඛ්‍ය,අධ්‍යාපනය,කෘෂිකර්මය,සාමය සහ මහජන සහජීවනය තුළින් තිරසාරත්වය බල ගැන්වීම සදහා රටක් වශයෙන් දායකත්වය ලබා දෙන දේශපාලන නායකයින් ඇගයීමට ලක් කරමින් සම්මාන උලෙලක් පවත්වන ලදි.

මෙම සම්මාන උත්සවය “SUNFO Global Federation” විසින් ඊයේ (30 ) දින “බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී” සංවිධානය කර තිබූ අතර, මෙම අවස්ථාව සදහ “ලීඩ් ඉන්දියා පදනමෙහි” සභාපති ඇමෙරිකා එක්සත් ජනපදයේ ගෝලීය ඩිජිටල් විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුලු පිරිසක් සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *