• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

අනුරාධපුර විදුලි අලි වැට ගැන සාකච්ඡාවක් රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන්

12 August 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක පවතින අලි මිනිස් ගැටුමට විසදුමක් ලෙස සූර්ය පැනල භාවිතයෙන් කිලෝමීටර 482.2 ක ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි අලි වැට සම්බන්ධයෙන් සාකච්ජාවක් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක, අනුරාධපුර සහකාර වනජීවි අධ්‍යක්ෂ ඩබ්ලිව්.එස් වේරගම යන මහත්වරුන් ඇතුළු නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව අමාත්‍යයතුමන්ගේ අනුරාධපුර කාර්යාලයේදී පැවැත්විණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන විශාල ප්‍රමාණයක ජනතාව වන අලි ගම්වැදීම හේතුවෙන් පීඩාවට පත්ව ඇත. අලින් ගම්වැදීම හේතුවෙන් සිදු වන අලි මිනිස් ගැටුම් හේතුවෙන් පසුගිය කාළය පුරා මිනිස් ජීවිත ප්‍රමාණයක් මෙන්ම වන අලින්ගේ ජීවිතද විශාල ලෙස අහිමි වී ඇත.

වන රක්ෂිත තුළ සිටින වන අලින් රක්ෂිත මායිම් වල පිහිටි ගම්මාන වෙත පැමිණීමෙන් මෙම අලි- මිනිස් ගැටුම ඇති වේ.මෙම ගැටුම පාලනය සඳහා රක්ෂිත වටා විදුලි වැට ඉදි කිරීම්, වන අලින් රක්ෂිත තුළට පලවා හැරීම, දරුණු වන අලින් අල්ලා අලි රැඳවුම් මධ්‍යස්ථානයන්හී ගාල් කිරීම වන ජීවි දෙපාර්තමේන්තුව සිදු කරනු ලබයි.

නමුත් තවමත් අලි වැට ඉදි කර නොමැති ප්‍රදේශ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින බැවින් එම ගම්මානයන්ට නිරන්තරයෙන් වන අලින් කඩා වැදීම සිදු වේ.තවද පවතින විදුලි වැටවල් ප්‍රමිතියෙන් තොර වීම හා නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන්ද වන අලින් අලි වැට කඩා ගම්වැදීම සුලභව සිදු වේ.

අලි- මිනිස් ගැටුමට කඩිනමින් විසදුම් ලබා දීම සඳහා දැනට ඇති සාර්ථකම ක්‍රමවේදය වන්නේද ප්‍රමිතියෙන් යුතු විදුලි අලි වැටයි.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවමත් ස්ථිරව අලි වැට ඉදි නොවු කිලෝ මීටර 1000 ක ප්‍රමාණයකට විදුලි අලි වැට ඉදි කළ යුතුව ඇතැයි ගණන් බලා ඇත . ඉන් 2021 වර්ෂය තුළ කිලෝ මීටර 482.2 ක් විදුලි වැට ඉදි කිරීමට නියමිත එම විදුලි වැට අනුරාධපුර වනජීවි කළාපයේ පලුගස්වැව, නාච්චාදූව, ඉපලෝගම, මහවිලච්චිය, නොච්චියාගම, ගලෙන්බිදුණුවැව, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, කහටගස්දිගිලිය හා මැදවච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හී ගම්මාන කීපයක් ආවරණය වන පරිදී ඉදි කිරීමට නියමිය.

එහිදී පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුක්වැව -මඩවල-එප්පාවල හරහා නැවත කුඹුක්වැව දක්වා කිලෝ මීටර 31 කුත්, නාච්චාදූව හා ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන ලෙස නල්ලමුදාව සිට සන්ගට්ටෑව දක්වා කිලෝ මීටර 16 කුත්, මහවිලච්චීය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තන්තිරිමලය සිට රුවන්මඩුව දක්වා කිලෝ මීටර 8.5 කුත් , කිරල්පැටියාව සිට ඔයාමඩුව දක්වා කිලෝ මීටර 15 කුත්, මහවිලච්චිය හා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ඔයාමඩුව සිට ඉට්ටිකුළම දක්වා කිලෝ මීටර 35 කුත්, ගලෙන්බිදුණුවැව හා පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන ලෙස කිව්ලේකඩ සිට වන්නම්කුළම දක්වා කිලෝ මීටර 104 කුත්, කැබිතිගොල්ලෑව හා හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ යා කරමින් වත්තේවැව සිට වෙලන්ගහඋල්පත දක්වා කිලෝ මීටර 94 කුත්, හොරොව්පතාන, කහටගස්දිගිලිය හා ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් යා කරමින් වෙලන්ගහඋල්පත සිට කුඹුක්වැව දක්වා කිලෝ මීටර 61 කුත් කැබිතිගොල්ලෑව හා මැචවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හී වත්තේවැව හා ඇතාකඩ යා කරමින් කිලෝ මීටර 109.7 කුත් ලෙස සම්පූර්ණ කිලෝ මීටර 484.2 ක අලි වැටක් ඉදි කිරීමට නියමිතය.

ඒ අනුව මෙම අලි වැට අනුරාධපුර වනජීවි කළාප කාර්යාලය මගින් විදුලි වැටවල් 11 ක් ලෙස යුධ හමුදා නිළධාරීන්ගේ සහයද ඇතිව මෙම විදුලි වැට ඉදි කිරීමට නියමිතය.මෙම සියලු විදුලි වැටවල් සූර්ය පැනල භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර, මෙවායේ නඩත්තු කටයුතු සඳහා නඩත්තු ඒකකයන්ද ඉදි කර ඒවායේ නඩත්තු කටයුතුද යුධ හමුදාව මගින් සිදු කිරීමට නියමිතය.තවද මෙම අලි වැට ඉදි කිරීමේදී යකඩ කණු භාවිතය සිදු කරන අතර, අලි වැට කණු වන අලින් කඩා දැමීම හේතුවෙන් කණු සඳහා කොටු දැල් සහිත කණු ආවරණයන්ද සවි කිරීමට නියමිතය.

අලි වැට ඉදි කිරීමේදී ප්‍රමිතිය සම්බන්ධයෙන් වඩා සැලකිල්ලක් දක්වා, වන අලින්ට කඩා ගම්වැදීමට නොහැකි වන ලෙස ඉදි කරන ලෙසත්, අලි වැට ඉදි කිරීමේදී ගොවි බිම් හා මහජනතාව පරිහරණය වැව් හා ඇළවේලී ජනතාවට පරිභෝජනයට ගත හැකි ලෙස මෙන්ම වන අලින් ඇතුළු අනෙකුත් සතුන්ට පානීය ජල අවශ්‍යතා සපුරා ගත හැකි ලෙස ඉදි කරන ලෙසත් අමාත්‍යයවරයා එහිදී වනජීවි නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ. අලි මංකඩවල් අහුරා අලි වැට ගසා ඵලක් නොමැති බැවින් අලි මංකඩවල් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසද අලි වැට ඉදි කිරීම් කඩිනමින් සිදු කරන ලෙසද අමාත්‍යයවරයා නිළධාරීන්ට උපදෙස් දුන්හ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 5
Previous Post

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරු සදහා සම්මුඛ පරික්ෂණ අත්හිටුවයි

Next Post

ජීවිත දෙවියන්ට බාර දෙන්නට ආණ්ඩුවක් මොකටද – විපක්ෂනායක

editor

editor

Next Post

ජීවිත දෙවියන්ට බාර දෙන්නට ආණ්ඩුවක් මොකටද - විපක්ෂනායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved